Gossip

රජයෙන් රැකියාවක් ලැබෙන තෙක් බලා නොසිටි උපාධිධාරිනිය දැන් කෝටිපතිනියක්

තමන්ගේ උපාධිය අතේ තබාගෙන අනුන්ගෙන් රැකියාව ඉල්ලනවා වෙනුවට තමන්ගේම මාර්ගයක් ඔස්සේ ජීවිතය ජයගත් ආදර්ශමත් උපාධිධාරිණියක් පිළිබඳව දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඇය නමින් සුනේත්‍රා ශාමලී කුමාරි.

දෙදරු මවක් වන ඇය උපාධිධාරිණියක් පමණක්ම නොව
දේශීය පාරම්පරික වෛද්‍යවරියක් සහ ව්‍යවසායිකාවක් ද වනවා.

රජයෙන් රැකියා ඉල්ලමින් රටවටේ උද්ඝෝෂණ කරනවා වෙනුවට ඇය තෝරා ගත්තේ ඇය ලැබූ දැනුමින් තවත් පිරිසකට ශක්තියක් දෙමින් නැගීසිටිමටයි.

රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට මෙන්ම දේශීය ආයුර්වේදයට මුල්තැන දෙමින් තම ජීවිකාව ඇරඹීමට ඇය අරමුණු කරගෙන තිබුණා.

කහ ආනයනය කිරීම රජය නතර කිරීමත් සමග ඉන් සිය අවස්ථාව උදාකරගත් ශාමලී මෙරටට අවශ්‍ය‍ කහ තම ගෙවත්තේ වගා කිරීම ආරම්භ කළා.

කොරෝනා වසංගතය රට වෙලාගනිද්දී නිවසට වී සිටි ඇය, තම සැමියා ගෙනත් දුන් කහ කැබලි කිහිපයකින් කාබනික කහ වගාවට හුරුවී තිබුණා.

දිනෙන් දින අස්වැන්න වැඩිවෙද්දි ඒවා කුඩුකර වෙළෙඳපොළටත් වගා කිරීම සඳහා බීජ සහ පැළ අලෙවි කිරීමටත් ඇය කටයුතු කර තිබුණා.

කාබනික කහ වගාව ඇරඹූ ඇය, සඳහන් කරන්නේ දැන් ඇයටත් වඩා උස කහ පැළ සිය වගාබිමේ පවතින බවයි.

දේශීය ශාකසාර යොදාගෙන මෙම කහ වගාව සඳහා අවශ්‍ය දියර පොහොරක්ද ඇය විසින්ම නිපදවා තිබෙනවා.

එම දියර පොහොර ශාක පත්‍ර මගින් කහ ශාකයට උරා ගන්නා බවත් එමගින් ශාකය වර්ධනය සේම කෘමි හානි උවදුරු සියල්ල අවසන් වන බවත් ඇය පවසනවා.

සිය කහ වගාව ගැන ආඩම්බරයෙන් කතා කරන ශාමලි වැඩිදුරටත් සඳහන් කළේ මෙවර අස්වැන්න රුපියල් කෝටිය ඉක්මවන බවයි.

කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකර සිය කහ වගාව සිදුකරන බැවින් ජනතාවගෙන් හොඳ ඉල්ලුමක් පවතින බවද ඇය සඳහන් කළා.

අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ සුරතින් සිය උපාධි සහතිකය ලබාගත් ඡායාරූපයක් පෙන්වමින් ඇය තවදුරටත් කියා සිටියේ තම ජයග්‍රහණයන් පිටුපස උන්වහන්සේගේ ශක්තිය ද තිබුණු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!