Gossip News

හත් දෙනෙක් එක්ව, හත් හැවිරිදි පිරිමි දරුවාව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කරලා

හත් දෙනෙක් එක්ව රංචු ගැසී හත් හැවිරිදි පිරිමි ළමයෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 07 දෙනෙක් පෙරේදා (18) දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 16, 17 සහ 18 වියේ පසුවන තරුණයන් බව පොලිසිය පවසයි. අතවරයට පත් ළමයාගේ සීයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්‍ෂක ධම්මික පෙරේරා ඇතුඵ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අම්මා විදේශගතව සිටින අතර ළමයාගේ පියා මරදාන ප‍්‍රදේශයේ රැකියාවක් කරන බැවින් ඔහු සිය ආච්චී සහ සීයාගේ සෙවණේ ජීවත් වන අතර, ඔවුන් දෙදෙනාට හොර රහසේ අසල ඇති පාළු නිවසකට කැටුව ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. අපයෝජනයට පත් දරුවා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!