Gossip News

තම වකුගඩුව විකුණා කුඩු ගහලා

තමාගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට විකුණා ලබාගත් මුදලින් හෙරොයින් පානය කර එම මුදල් අවසන් වූ පසු මහරගම, පමුණුව ප‍්‍රදේශයේ හා හයිලෙවල්  මාර්ගයේ පදික වේදිකාවේ වෙළඳාම් කරන ජංගම වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ නිමි ඇඳුම් හා රෙදිපිළි සොරකම් කළ පුද්ගලයකු මහරගම පොලිසිය පෙරේදා (18දා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සතුව හෙරොයින් ග‍්‍රෑම් 02 මිලිග‍්‍රෑම් 150ක් තිබී සොයාගත් බවත්, මෙම පුද්ගලයා මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිදුකරන ලද දීර්ඝ ප‍්‍රශ්න කිරීම්වලදී පමුණුව ප‍්‍රදේශයේ ජංගම වෙළෙඳුන්ගෙන් හා පදික වෙළඳුන්ගෙන් සොරකම් කරන ලද රෙදිපිළි තොගය පිළිබඳව සුලමුල සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 15කට වඩා අධික නිමි ඇඳුම් සහ රෙදිපිළි පිටකොටුව ප‍්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

වයස අවුරුදු 36ක් වන මෙම සැකකරු පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, රෙදිපිළි සියල්ල විකුණා ලබා ගත් මුදලින් හෙරොයින් පානය කර ඇති බවත් මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සොරකම් කරන ලද රෙදිපිළි අතර කුඩා ළමුන්ගේ නිමි ඇඳුම්, කාන්තා නිමි ඇඳුම් හා ඩෙනිම් වර්ගයේ කලිසම් සහ කමිස තොගයක් ද තිබූ බව පොලිසිය පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!