Gossip

සෞදි අරාබියේදී මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ මෘත දේහය ලංකාවේ කාන්තාවකගේ මෘත දේහය එක්ක මාරු වෙලා වෙච්ච පටලැවිල්ල

හෘදයාබායක් වැළඳීමෙන් සෞදි අරාබියේදී මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ මෘත දේහය ලංකාවේ කාන්තාවකගේ මෘත දේහය සමග සමග මාරු වී ඉන්දියාවට යවා ඇති පුවතක් වාර්තා වනවා.

අදාළ ඉන්දීය ජාතිකයා සෞදි අරාබියට යාමට පෙර ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, කොචි නගරයේ, කොන්නි කියන ගමේ වාසය කළ අයෙක්.

එම ඉන්දීය ජාතිකයා 28 වන වියේ පසුවූ රෆීක් නම් තැනැත්තෙක්.

කෙසේවෙතත් මෙලෙස ඉන්දියාවට යැවුණු ලාංකික කාන්තාවගේ මෘත දේහය ඉන්දියාවේ කොට්ටායම් වෛද්‍ය විද්‍යාලයේ මෘත ශරීරාගාරයට යවා ඇති අතර එම මෘත දේහය ලංකාවට එවන්න කටයුතු කරන බව එරට පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!