වෙඩි වැදීමකින් රෝහල් ගතව සිටි බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා මියගොස් තිබෙනවා.
අදාළ වෙඩි තැබීම සිදුවූයේ පසුගිය බදාදා (20) දිනයේ බෙලිඅත්ත පොලිස් වසමේ පල්අත්තර දෙබොක්කාව මොදරවාල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දීයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුලත් කෙරුණා. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මන්ත්‍රීවරයාව මාරු කර යැවුණු අතර අද අළුයම මන්ත්‍රීවරයා මියගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.