Gossip

නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක පුටුවල මකුණෝ – ඡායාරූප සහිතයි

නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක බාහිර රෝගී අංශයේ රෝගීන්ට වාඩිවීමට ලබාදී තිබූ පුටුවල මකුණන් බෝවී ඇති බවට ලද තොරතුරක් මත කොළඹ මහා නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය විසින් කරන ලද හදිසි පරීක්ෂාවකින් පසු, එම මකුණන් බෝවී තිබූ පුටු කිහිපයක් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවට වාර්තා වනවා.

එම රෝහලේ පාලනාධිකාරියට තදින් අවවාද කොට යළිත් වරක් මෙවැනි තත්වයක් ඇති වුවහොත් නීතිමය පියවර ගන්නා බව දැනුම් දුන් බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කර ඇත්තේ.

මෙම පරීක්ෂණයෙන් පසු බාහිර රෝගී අංශයට වෙනත් පුටු ලබාදීමටත් මකුණන් සිටි පුටු වලට රසායනික ඉස එම පුටු ඉවත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!