Gossip

සෝනම් කපූර් මෙය ලිව්වාද නොලිව්වාද යන්න නිශ්චිතව නොදනිමි. නමුත් එහි ඇත්තේ අමූලික සත්‍ය නිසාම මෙය පළකරමි – Photos

ලස්සන වෙන්න ගැහැණු ළමයි හුඟක් දේවල් කරනවා.
ඒ ලස්සන වෙනුවෙන් සමහරු නොකරන දෙයක් නෑ. ඒ වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කරන යුවතියන්ද අපි ඕනේ තරම් දැකලා තියෙනවා.
ලස්සන වෙන්න ගිහින් ජීවිත නැතිකරගත්තු අය වගේම, අවලස්සන වුණු අය ගැනත් නිතර නිතර පුවත් අහන්න දකින්න ලැබෙනවා.
ඒ විදිහට ලස්සන ගැන වදවෙන යුවතියන්ට සුරූපී බොලිවුඩ් නිළි සෝනම් කපූර් විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබුණා.
එය පහතින්…

උදෑසන අවදි වී නිදන කාමරයේ කණ්ණාඩිය තුලින් එබී බලමින් තමන් සුන්දර ජනප්‍රිය නිළියක,ගායිකාවක ලෙස රුවින් දිදුලන්නේ නැත්තේ මන්දයි කල්පනා කරන සෑම නවයොවුන් යුවතියනි, කිසිදු කෙනෙක් එලෙස සුන්දරව අවදි වන්නේ නැත. මම කොහොමත්ම නැත.වෙන කිසිදු නිළියක ද එසේ නොවේ.(බියොන්සේ වත් එලෙස අවදි නොවේ).

සත්‍ය මෙයයි, සෑම පොදු හමුවකට පෙර මම මිනිත්තු 90ක් රූපලාවන්‍ය පුටුවේ වාඩි වී සිටිමි.පුද්ගලයන් තිදෙනෙකු හෝ සයදෙනෙකුවත් මගේ කොණ්ඩය හෝ රුව සකසති. මගේ ඇහිබැම සතියකට වරක් සකසති. මගේ සිරුරේ අඩුපාඩු ඇතැයි සිහිනෙකින්වත් නොසිතූ තැන්වල නොයෙකුත් ආලේප ගා ඔවුන් දකිනා අඩුපාඩු සඟවති.

මම උදෑසන 6ට අවදි වී 7.30 ව්‍යායාම සදහා ජිම් එකට යමි.එහි මිනිත්තු 90ක් ව්‍යායාමයන්හි නිරත වෙමි.නැවතත් හවස් කාලයේ ද, නැවතත් නිදන්නට පෙර ද අසීරු ව්‍යායාමයන්හි නිරත වෙමි. මා කෑ යුතු කුමන ආහාර ද, නොකෑ යුතු කුමන දේ ද යන්නට තීරණය කිරීම කෙනෙක්ගේ පූර්ණ කාලීන රැකියාවයි. මා කෑමට ගන්නා ආහාරවලට වඩා වැඩි ප්‍රමාණයක් මගේ මුහුණේ සත්කාර සදහා යොදයි. මා හට සුන්දරව, තැනට ඔබින ඇඳුම් තේරීමට කණ්ඩායමක් කැප වී සිටී.

මේ සියලු දේ කරලත් මා තවමත් “පරිපූර්ණ“ නැත්නම් ඒ කරා ළඟා කිරීමට ෆොටෝෂොප් ක්‍රම ගණනාවක් සේවයට කැප වී සිටී.
මා කලින් පැවසු පරිදි සහ නැවතත් පවසන්නේ, නිළියක,ගායිකාවක හෝ වෙන යම් සුප්‍රකට කාන්තාවක් ඔබ දකිනා අභිරූමතියක් වීමට හමුදාවක් වැනි පිරිසක්ද, අසීමිත මුදල් සම්භාරයක් ද, මෙන්ම කාලයක්ද වැය කළ යුතු වේ. එය තාත්වික නොවෙන්නා සේම කිසිසේත් ප්‍රාර්ථනාවක් නොවිය යුතුය.

විශ්වාසය ප්‍රාර්ථනා කරන්න. කිසිවෙකු ලෙස නොවී තමන්ට ආවේනික පියකරු බව, නිදහස සහ සතුට ළඟා කර ගන්න අපේක්ෂා කරන්න.

මින් පසු ඔබ 13 හැවිරිදි දැරියක සඟරා මුල් පිටුවේ සිටින කැළල් රහිත, දිදුලන කෙස් ඇති බොලිවුඩ් නිළියකගේ රුවක් දෙස දුක්බරව බලා සිටිනු දුටු විට ඇය දකිනා පරිපූර්ණත්වයේ මිත්‍යාව ඇයට කියා දෙන්න.

ඇය සුන්දර බව ඇයට පවසන්න.ඇගේ සිනාව, දැනුම හෝ ඇගේ ගමන් විලාසය අගය කරන්න.

ඇය අඩුපාඩු රැසකින් යුත්, වෙළඳ දැන්වීම් පුවරුවක සිටින කාන්තාවට රුවට වඩා වෙනස් බව විශ්වාස කරමින් වැඩෙන්න ඉඩ නොතබන්න. ඇයව එම වෙළඳ දැන්වීම් පුවරුවේ සිටින කාන්තාවට පවා ළඟා වීමට අසීරු මිනුම් දඩු තුළ සිර වීමට ඉඩ තබන්න එපා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!