Gossip

ශ්‍රී දේවිගේ මරණයේ සැකය හරියටම හරි, බොලිවුඩයම හඬවා අවසන් ගමන් ගිය ශ්‍රී දේවිගේ මරණය ගැන බොනී කපූර් සියල්ල වමරායි – Exclusive

බොලිවුඩයම හඬවා ජනප්‍රිය සුරූපී නිළි ශ්‍රී දේවී මීට සතියකට පමණ කළින් අවසන් ගමන් ගියා.
ඒ හැම කෙනාගෙම හිතට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරමින්.
ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණේ බාත් ටබ් එකේ ගිලීම නිසා මෙම මරණය සිදුවුණා කියලයි.
ඒ වගේම ශ්‍රී දේවී මියයනවිට ඇගේ ශරීරයේ ඇල්කොහොල් අඩංගුවෙලා තියෙනවා කියලත් වාර්තා වුණා.
මේ හැමදේම අස්සේ සමහර අය මරණ පරීක්ෂණ වාර්තාව පිළිගත්තේ නෑ.
ඒකට හේතුවුණේ ඇය ළඟින් සිටි හුඟ දෙනෙක් ඇය සැර මත්පැන් ගන්නේ නෑ කියලා කියපු නිසා.
ඒ වගේම මේ මරණය මුලින්ම දැකපු ශ්‍රී දේවිගේ සැමියා බොනී ගැනත් තව සමහරු සැක කළා.
ඒ සියලු දේට බොනී කපූර් මේ වෙද්දී පිළිතුරු දී අවසන්.
වසර 30ක් තිස්සේ ආශ්‍රය කරපු විශ්වාසවන්තම යහලුවෙක්ට බොනී එදා සිදුවුණු දේ කියලා.
මේ තියෙන්නේ බොනී ශ්‍රී දේවිගේ මරණය ගැන යහලුවට විතරක්ම කියපු කතාවයි.
“අපි වෙඩිං එකට ඩුබායි ගියේ පෙබරවාරි 20. හැබැයි වෙඩිං එකෙන් පස්සෙ මම 22 ලක්නව් වලට ආවා.
හදිසි මීටිං එකකට. මේ අවුරුදු 24 ටම මම නැතුව ශ්‍රී දේවි තනියම පිටරටක නැවතුණේ එදා.
මීට කලින් මම නැතුව ඇය පිටරට ගියේ දෙපාරයි. ෆිල්ම්ස් වල වැඩ වලට. හැබැයි මම නොගියට ඒ ගමන් දෙකේම ශ්‍රී දේවි එක්ක මගේ හොදම යහලුවගේ වයිෆ් ගියා.
එදා 24 උදේ මම ඇයට කතා කළා. මට ගොඩාක් පාලුයි කියලා ඇය කිවුවා. හැබැයි අද හවස මම ආයෙත් ඩුබායි එනවා කියලා ශ්‍රී ට මම කිවුවේ නෑ. ඇයව පුදුම කරවන්න ඕන නිසා.
මම 3.30ට ෆ්ලයිට් එක ගත්තා. 6.20 වෙද්දි ඩුබායි වල ශ්‍රී දේවි හිටපු හෝටලයට ගියා.
ඇය මාව දැක්කම පුදුම වුණා. මාව සිප වැලද ගත්තා. අපි මිනිත්තු 15 – 20ක් වගේ කතා කර කර හිටියා.
ඊට පස්සේ රෑ කෑමකට මම එයාව එලියට එක්කගෙන යන්නයි plan කරගෙන හිටියේ.
එයා නාලා එන්නම් කියලා බාත් රූම් එකට ගියා. මම විසිත්ත කාමරයට ගියා. විනාඩි 15ක් විතර යනකොටත් ඇය එළියට ආවේ නෑ.
මම ටීවී එකේ සද්දෙ අඩු කරලා ආයෙත් කතා කළා. ටැප් එකකින් වතුර වැටෙන සද්දෙ ආවත් ඇය කතා කරේ නෑ.
එතකොට වෙලාව රෑ 8යි. තව පරක්කු වුණොත් රෑ කෑමට යන්න බැරි වෙන නිසා මම බාත් රූම් එකේ දොර ඇරියා. ඒක ඇතුලෙන් ලොක් කරලා නෙවෙයි තිබුණේ.
මම දැක්කා ශ්‍රී දේවි බාත් ටබ් එක ඇතුලේ ඉන්නවා. ඒකේ කට ලගටම වතුර පිරිලා. එයාගේ ඔලුවේ ඉදලා කකුල් වෙනකං ඇගම වතුරෙන් යට. එයා දැගලුවෙත් නෑ. ටබ් එක පිරෙන්න වතිර තිබුණට බාත් රූම් එකේ බිම ටයිල් වලට වතුර බිංදුවක් වත් වැටිලා තිබුණෙත් නෑ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!