Gossip

“අපි දෙන්නා අතර අවුරුදු 10 ක පරතරයක් තියෙනවා, කළුතර බෝධිය යටදී මාෂීට මගේ ආදරේ ප්‍රකාශ කළා”

පුබුදු චතුරංග කියන්නේ අපේ රටේ ජනප්‍රිය ආදරණීය නළුවෙක්.
ඔහු ළඟදීම යුගදිවියට පා තබනවා කියන එක කවුරුත් දන්න දෙයක්.
පුබුදු – මාෂි ආදර කතාව ගැනත් පසුගිය කාලේ පුරාම හැමෝම වගේ කතා වුණා.
මේ ඔවුන් දෙදෙනා හමුවු හැටි ගැන සතිඅන්ත පුවත්පතකට කියූ සොඳුරු කතාවක්.

තනිකඩ ජීවිතේ ඉවර කරලා පුබුදුත් දැන් මනමාලයෙක් වෙන්න යනවා නේද?
ඔව්. මම මනමාලයා වෙන්නේ මගේ ආදරණීය පෙම්වතිය මාෂීගේ.

අපි දෙන්නා මේ මාර්තු මාසයේදී විවාහ වෙනවා. වෙඩින් එක ගන්නේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ.

ඒ කියන්නේ ජයටම වෙඩින් එක ගන්නවා.
ඔව්, ඔව්…. ලංකාවේ ඉන්න කලාකරුවෝ විශාල ප්‍රමාණයකට දැනටමත් ආරාධනා කරලයි තියෙන්නේ. මගේ සමහර යාළුවෝ ලංකාවේ නැහැ. විදේශගත වෙලයි ඉන්නේ. ඒ අයත් මට සුබ පැතුම් එකතු කරලා තිබුණා.

පුබුදුට මේ අවුරුද්දේ විවාහ වෙන්න හිතුණේ මාෂී හදිස්සි කළ නිසාවත්ද?
අපි දෙන්නටම හදිස්සියක් නම් තිබ්බේ නැහැ. ඒත් මමයි මාෂීයි අවුරුදු හතරක් තිස්සේ ආදරේ කළානේ.

අනිත් එක ඕනෑම දේකට වෙලාවක්, කාලයක් තියෙනවානේ. ඒ නිසා මටත් හිතුණා පවුලක් වෙන්න කාලය ඇවිල්ලා කියලා.

විවාහ මංගලෝත්සවය කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ ?
අපි වෙඩින් එක ගන්නේ එක දවසයි. ඒ දවස උපරිම නිර්මාණශිලී විදිහට කරන එක තමයි අපේ ආශාව වෙන්නේ. මාෂීත් මමත් තමයි වෙඩින් එක ගැන හැම තීරණයක්ම ගත්තේ.

ඉතිං මාෂීගේ ආශාවත් තේරුම් අරගෙන මම වෙඩින් එක ප්ලෑන් කළා.

අපේ තේමාව තමයි “සිනමාව“. අපි දෙන්නා වෙන තේමාවකට යන්නයි හිටියේ. ඒත් චන්න විජේවර්ධන මහත්තමයා මට කිව්වා “ඔයා මොකටද අනේ වෙන තේමාවකට යන්නේ ඔයා රටේ නම ගිය නළුවෙක්නේ. ඉතිං “සිනමා” කියන තීම් එකට යන්න කියලා.

පුබුදට “මාෂී”ව හම්බ වුණේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?
ඒක හරිම සුන්දර කතාවක්. මාෂී ඉන්නේ අපේ ගෙවල් ළඟමයි. දවසක් අහම්බෙන් මම ඇයව දැක්කා.

දැක්කම හිතුණා අනේ හරි හොඳ ළමයෙක්නේ කියලා.

කතා කළාමත් තේරුණා සෑහෙන්න හොඳ ළමයෙක් කියලා. ඊට වසරකට කලින් ඇය ගිය පාස‍ලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා විදිහට මට ආරාධනාවක් ලැබුණා.

ඒකට ගියාම ඒ උත්සවයේදී එතන හිටිය දක්ෂතම වගේම, ලස්සන ගැහැනු ළමයා විදිහට ඇය තේරුණා. ඊට පස්සේ එක ළඟ ගෙවල් තිබුණු නිසා පවු‍ලේ කට්ටියත් එක්කම අපි දෙන්නා අඳුරගන්න පටන් ගත්තා.

නත්තල් දවසක අපේ තිබ්බ “මිත්‍රදාන” කියන සංගමයෙන් කළුතර බෝධියේදී බෝධි පූජාවක් තිබ්බා.

බෝධි පූජාව තියලා ඉවර වුණාට පස්සේ මම කළුතර බෝධිය යටදී මාෂීට මම මගේ ආදරේ ප්‍රකාශ කළා.

ඒත් ඉතිං මට කැමැත්ත දෙන්න නම් මාෂී සෑහෙන්න කල් ගත්තා.

මාෂීයි පුබුදුයි අතර තියෙන්නේ මොන වගේ වයස් පරතරයක්ද ?
අපි දෙන්නා අතර අවුරුදු දහයක වයස් පරතරයක් තියෙනවා. මගේ අම්මයි තාත්තයි අතර අවුරුදු දහතුනක වයස් පරතරයක් තියෙනවා.

මාෂිගේ අම්මයි තාත්තයි අතර අවුරුදු අටක වයස් පරතරයක් තියෙනවා.

ඒ වුණත් අපේ දෙමව්පියෝ ඉතාමත් හොඳින් සතුටින් ජීවත් වෙනවා.

ඒ හින්දා මටයි මාෂීටයි බොහෝම ආදරෙන්, සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!