Gossip

සුපිරි රැප් ගායකයා වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යයි – Photos

රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ඒ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි ඔහුගේ රෙදිපිලි අ‍‍ළෙවිසැලට පිටතින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකිනුයි.
වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, වෙඩි වැදී තුවාල ලැබූ නිප්සෙ හස්ල් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය යන විට ඔහු 33වැනි වියෙහි පසු වුණා.
අදාළ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!