Gossip

“මගේ ආදරේ වුණේ ඔයා.. ඔයා නැති දවසක් ගැන නිකමට මම හිතුවත් මගේ පපුව රිදෙනවා. අන්තිමේදි හිතුවෙවත් නැති වෙලාවක ඔයා මාව දාලා ගියා.” – Photos

සුනඛයා සහ මිනිසා අතර හරි අපූරු බැදීමක් තියෙනවා.
මිනිසාගේ ළඟම සහ හොඳම මිතුරා සුනඛයා කියලා කියමන් පවා සමාජයේ බිහිව තිබෙන්නේ ඒ නිසාමයි.
මේ කියන්න යන්නෙත් ඒ අවේ බැඳීමක් ගැනයි.
තරුණියක් සිය සුනඛයා ගැන සංවේදී සටහනක් මේ විදිහට සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

චූටි මැණික ❤️
2012 ඔයා මං ලගට එද්දි මාස එකහාමාරක චූටි බබෙක්. හරියට ඇවිද ගන්නත් බැරි අල ගෙඩියෙක්, පෙරලෙන කළු කොට කෑල්ලක්. එදා ඉදං මගේ ජීවිතේම වුණේ. ඔයා. මගේ ආදරේ වුණේ ඔයා. මුළු ගෙදරම අයගෙ ආදරේ හොරකම් කරගෙන ගෙදර ඉන්න පොඩිම ළමයා වුණා ඔයා.
ඔයා ගැන හැමෝටම කියන්න ලියන්න ඕනෙ උනත් මං දන්නෙ නෑ කොහෙන් පටන් අරගෙන කොච්චරක් ලියන්නද කියලා. ඔයා කොච්චර ශෝක් හුරතල් කොලු පැටියෙක් ද කියලා කියන්න ගියොත් මට අද දවසත් මදි වෙනවා.
මගේ වස්තු කැටේ, ඔයා කවදම හරි යන්න ඕනෙ කියන ඇත්ත මං දැනගෙන ඉදියත් මං ඒ ඇත්ත අමතක කරලා හිටියේ මොකද ඔයා නැති දවසක් ගැන නිකමට හිතුවත් මගේ පපුව රිදෙනවා වගේ මට දැනුනෙ. අන්තිමේ හීනෙකින් වත් හිතපු නැති වෙලේක ඔයා මාව දාලා ගියා. මට දැනුනෙ මගේ මුළු ලෝකෙම නැති උනා කියලා. මං පොළවෙ පස් කෑවෙ නැතිව විතරයි ඔයාව ගෙනත් දෙන්න කියලා.
ඉතිං මගේ මැණික් කොටේ මට තියෙන එකම සැනසීම ඔයාට පොඩ්ඩක් වත් රිදෙන්නෙ නැතිව, ඔයාට දැනෙන්නෙ වත් නැතිව ඔයා ගියා කියන එක විතරයි.
ඔයා රජෙක් වගේ ඉදලා රජෙක් වගේ ගියා කියලා ඔක්කොමලා කියනවා.
අම්මා, තාත්‍තා, ලොකු අයියා, සුදු අයියා, චූටි අයියා, මයුරි අක්කා, බිනර අයියා ඔයාට පන වගේ ආදරෙයි. මෙච්චර කාලෙකට තාත්තගෙ අයියලගෙ බිනරගෙ ඇස් වලට කඳුලු ඉනුවෙ ඔයා යන දුක දරා ගන්න බැරුව. ඔයාට පාංසකූලෙ දීපු හාමුදුරුවො කිව්වා මේ සසරෙ කොයිම වෙලේ හරි මට ආයෙම ඔයාව හම්බෙනවා කියලා.
ඉතිං මගෙ මැණික ඔයා තමා හොඳම කොලු පැටියා. ඔයා හොඳ තැනකට යනවා කියලා මං දන්නවා. ඔයා හරිම වාසනාවන්ත කොල්ලෙක් ඒ නිසා අනිවාරෙන්ම ඔයා හොඳ තැනකට යනවා කියලා තාත්තයි, අම්මයි, බිනර අයියයි පැය බාගෙන් බාගෙට මට මතක් කරනවා .
ඉතිං පැටියො නිවන් දක්නා ජාති දක්වා මගෙ ලඟින්ම අපෙ ලඟින්ම ඉන්න. ❤️
ඔයාගෙ සුදු අක්කා.

ප.ලි. ඔයාගෙ පිඟාන, ටවල්, බ්‍රශ්, හානස් එක ඔයාගෙ පෙට්ටියට දැම්මෙ මට ඒවා ආයෙ දකිද්දි දුක දරාගන්න බැරි නිසා.
ඒත් ඔයාගෙ සෙල්ලම් බඩු ටික දාන්න බැරි වුණා., ඒවා තියෙන තැං වලිං හොයන්න මං දන්නෙ නෑනෙ මැණික, ඔයානෙ දන්නෙ ඔයා සෙල්ලම් බඩු තියපු තැං.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!