Gossip

“ඒකේ ඉන්න අය ඉන්නම දෙන්නෑ….. ජීවිතේ එපාම කරවනවා….නිදාගන්න දෙන්නේ නෑ බල්ලෝ “- නවක වදය දරාගන්න බැරිව ලියුමක් ලියා ජීවිතයෙන් සමුගත් ශනිල්ක

විශ්ව විද්‍යාලවල තිබෙන නවක වදය ගැන බොහෝ විට හැමතැනම කතාවෙන මාතෘකාවක්. කොතරම් කතා කළත් මේ සඳහා විසඳුමක් නම් පේනතෙක් මානයකවත් නෑ.

නවක වධයෙන් වන මානසික පීඩනය නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ජීවිතයෙන් වන්දි ගෙවන අවස්ථා මෙන්ම දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ පීඩනය දරාගත නොහැකිව විශ්ව විද්‍යාලයට සමුදෙන අවස්ථාද තිබෙනවා.

අපි මේ කියන්න යන්නේ මෙහෙම ඇතිවූ මානසික පීඩනය දරාගන්න බැරිව සියදිවි හානි කරගත් ශිෂ්‍යයෙක් ගැන.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, කුඹුක්ගැටේ, වඩුවාවල ප්‍රදේශයේ පදිංචි ශනිල්ක දිල්හාන් විජේසිංහ නමැති 23 හැවිරිදි සිසුවෙක්.

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවකු සිය ගෙවත්තේ ගසක එල්ලී පසුගිය 31වනදා සියදිවි නසාගත්තා.

පළමුව යාපනය විශ්වවිද්‍යාලයේ මාස හයක කාලයක් ඉගෙනුම ලබා ඇති ශනිල්ක සිසුවා පසුව ඉහත කී හෝමාගම, දියගම තාක්ෂණ ආයතනයට පැමිණ එහි මාස එකහමාරක් (1 1/2) ජාතික විද්‍යා තාක්ෂණ ඩිප්ලෝමාව හදාරා ඇති බවත් එහිදී ඔහු එකී නවක වධයට ලක්ව ඇති බවත් අනාවරණය වනවා.

එකී නවක වධ සිද්ධිය හේතුවෙන් මානසික පීඩනයට පත් ඔහු කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා කීපයකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවටද වාර්තා වනවා.

එසේ ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් ඉහත කී තාක්ෂණ ආයතනයෙන් ඔහුට නිතර නිතර ලබාදී ඇති නවක වධය දරා ගැනීමට නොහැකිව ඔහු එම ආයතනය තුළ ක්‍රියාත්මක නවක වධ සිද්ධීන් පිළිබඳ ලිපියක්ද ලියා එසේ සියදිවි හානි කරගෙන තිබෙනවා.

එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඊයේ (01දා) සිදු කර ඇති අතර එය ගෙල වැලලාගෙන සිදු කරගත් සියදිවි නසා ගැනීමක් බවට අනාවරණය වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!