Gossip

බීමත්ව රිය පැදෙව්වොත් දඩය 25,000 යි -මාස 03කට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් – රථ වාහන වැරදිවලට වෙනස් වූ දඩ මුදල් සහ නීති මෙන්න

මාර්ග අනතුරු සම්බන්ධයෙන් මේ දවස්වල වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. මේ මාර්ග අනතුරුවලට බොහෝ හේතුව වුණේ බීමතින් රිය පැදවීමයි. පසුගියදා රටේ ප්‍රසිද්ධ පුද්ගලයින් අතිනුත් බීමත්ව රිය පැදවීම නිසා රිය අනතුරු සිදුවුණා.

කෙසේවෙතත් දැන් රථ වාහන සම්බන්ධයෙන් වන වැරදි සඳහා දඩ මුදල් වැඩි කර තිබෙනවා. ඒ අනුව අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.

එම රථ වාහන වැරදි අතර වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය යන වැරදි ඇතුලත්.

මීට අමතරව වමෙන් ඉස්සර කිරීමේ දඩයද වැඩි කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!