Gossip

දිනකට එක කෑම වේලයි – කාටවත් කෑම දෙන්නත් එපා කියලා -මවගේ රෙදි සේදීම ඇයට අපහසු නිසා ඇඳුම් පැලඳුම් අන්දවන්නේ නෑ – දෙමාපියන්ට දරුවන් මෙහෙම සලකන නිසයි අපේ රටේ මෙච්චර වැඩිහිටි නිවාස

දෙමාපියන් දරුවන්ව රැක බලා ගන්න ආකාරයට දරුවනුත් දෙමාපියන්ව රැක බලා ගත්තනම් කොහෙන්ද මෙච්චර වැඩිහිටි නිවාස?

දරුවන් ලොකු මහත් වෙනකොට දෙමව්පියන්ව වදයක් කරගෙන එයාලා ගැන බලන්නේ නැතුව කොච්චරනම් දුකක් ඔවුන්ට දෙනවාද? හැබැයි එයාලාට දරුවන්ව පොඩි කාලෙ වදයක් වුණානම් අද ඒ අය කොතනක ඉඳියිද?

අපි මේ කියන්න යන්නේ කෑගල්ල ප්‍රදේශයෙන් ඇසුණු දුක්බර කතාවක් ගැන.

දියණියක් තමන්ව බිහි කරපු අම්මාව මහ ගෙදර ඇතුලට දාලා ඉබි යතුරු දමා වහලා තියෙද්දි ඉකුත් දා පොලිස් භාරයට ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරලා තියෙනවා.

ඒ දරුවෝ පස් දෙනෙක් බිහි කරපු අවුරුදු 74ක් වයසැති මවක්.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් එම අදාළ ගෙදරට ගිය අවස්ථාවේදී පොලිසියට දැකගත හැකි වී ඇත්තේ සිමෙන්ති ගල්වලින් බඳින ලද අඩක් නිම කර තිබූ නිවෙසක ඉබි යතුරු දමා කාමරයක් තිබූ ආකාරයකුයි. ඉන් අනතුරුව එම ඉබි යතුරු පොලිසිය විසින් ගලවා තිබෙනවා. පසුව පොලිස් නිලධාරිනියන් තිදෙනාට දැක ගැනීමට හැකිවී ඇත්තේ එම මව කළුවර කාමරයක ශරීරයේ කිසිම නූල් පොටක් නොමැතිව අසූචි තවරාගෙන බිම වැටී සිටි අයුරුයි.

පසුව පොලිස් නිලධාරිනියන් විසින් අසූචි තවරා ගෙන සිටි එම මව නිවෙසින් පිටතට ගෙන ප්‍රදේශයේ ළිඳකින් නහවා පිරිසුදු කර තිබෙනවා. එම අවස්ථාවේදී අසල්වැසි කාන්තාවන් පිරිසක් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම වයෝවෘද්ධ කාන්තාවට දරුවන් පස් දෙනකු සිටි බවත් සැමියා හා පිරිමි දරුවන් තිදෙනා මීට කලකට ඉහතදී මියගිය බවත්ය. ඉතිරි ගැහැනු දරුවන් දෙදෙනාගෙන් එක් ගැහැනු දරුවකු අරණායක ප්‍රදේශයට විවාහ වී අරණායක පදිංචිව සිටින බවත් සෙසු දියණිය කෑගල්ල නිල්මල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්ය. ඇය සෑම දිනකම සවසට එක වේලක් කෑම ගෙන දෙන බවත් වයෝවෘද්ධ මවගේ රෙදි සේදීම ඇයට අපහසු නිසා ඇඳුම් පැලඳුම් ඇන්ද වන්නේ නැති බවත් දන්වා තිබෙනවා. තවද ප්‍රදේශයේ ජනතාවට කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ සිය මවට කෑම බීම ලබා නොදන ලෙසත් කෑම බීම ලබාදෙනවා නම් ඇය පිරිසුදු කරන ලෙසත් දැන්වූ බව අසල්වාසීන් පොලිසියට පොලිසියට දන්වා තිබෙනවා. නිල්මල්ගොඩ කාන්තාව නොමැති අවස්ථාවේදී හොර රහසේ වයෝවෘද්ධ කාන්තාවට තමන් විසින් නිවෙසේ සාදන කෑම බීම ලබා දෙන බවත් ඔවුන් සඳහන් කළා.

පසුව වයෝවෘද්ධ මව කෑගල්ල මහ රෝහලට භාරදී ඇති අතර ඇගේ නිල්මල්ගොඩ පදිංචිව සිටින දියණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම වයෝවෘද්ධ මවගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කටයුතු කළ යුතු බවත් ප්‍රාදේශීය ලේකම්වරයා හරහා වැඩිහිටි නිවාසයකටවත් යොමු කිරීමට කටයුතු කරන ලෙස අධිකරණය නියෝග කළ බවත්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!