Gossip

මහනුවර වැව රවුමේදී විදේශිකයන් පිරිසක් මුල් ඇඳුම ඇඳගෙන පිස්සු නටයි – සමලිංගික දර්ශනයක් රූගත කළාද? වීඩියෝව මෙන්න

උඩරට නිළමේ ඇඳුමින් සහ උඩරට ඔසරියකින් සැරසුණු විදේශිකයන් දෙදෙනෙක් අශෝභන ලෙස හැසිරුණු බවට පවසමින් ප්‍ර දේශවාසීන් පිරිසක් විරෝධය පළ කළා.

අදාළ විදේශිකයන් කිසියම් රූගත කිරීමක නිරත වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

කෙසේවෙතත් පොලිසියේ මැදිහත්වීම් මත මෙම විදේශිකයන් පිරිස වැව රවුම අසල පිහිටි හෝටලයක් තුළට රැගෙන ගොස් ඇති අතර පොලිසියෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.

මෙම රූගත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවෙන්, ආරක්ෂක අමාත්‍යංශයෙන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගෙන් ද අවසරය හිමිව ඇති බවයි
මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයමිපති හිංකෙන්ද මහතා පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් එලෙස රූගත කළ වීඩියෝ දර්ශන නිසි ලෙස මකා දැමීම කළයුතු බවත් ඔහු කියා සිටියා.

අවසානයේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා සහ තවත් පිරිසක් ඉදිරියේ ඔවුන් එම දර්ශනමකා දැමීම සිදුකළේ මේ අයුරින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!