Gossip

ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ දියණිය සාමාන්‍ය පෙළ උසස් ලෙස ජයගනියි – විස්තර මෙන්න

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්වී තිබෙන බවට වාර්තා වනවා.

ඒ A8ක් සහ B1ක සාමාර්ථයක් ලබාගනිමිනුයි.

පසුගිය කාලයේ අමල් පෙරේරාගේ දියණිය අසනීප තත්වයෙන් පසුවූ නිසා ඇයට පාසල් යාමටද නොහැකිව තිබුණු බවටත් වාර්තා වනවා. අමල් පෙරේරා සිය දියණිය සනීප කරගන්න බොහෝ වෙහෙස වුණු බවද සමාජජාල මාධ්‍යයන්වල පළවුණා.

එසේ තිබියදී ඇය උසස් ලෙස සාමාන්‍ය පෙළ ජයගැනීම බොහෝ දෙනෙකු අගය කර තිබෙනවා.

මේ අතර ගායක අමල් පෙරේරාත් නුදුරු දිනයකදීම ලංකාවට පිටුවහල් කරන බවට වාර්තා වනවා.

පසුගියදා ඩුබායි හිදී ඔහු අත්අඩංගුවට පත්වුණේ මාකදුරේ මධූෂ් සමග සාදයක සිටියදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!