Gossip

ඩුබායිවලින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් දිවයිනට – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරයි

මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු අද දිවයිනට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

අද අළුයම 5යි 25 ට පමණ යුඑල් 266 දරන ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුව පත්ව එරටින් පිටුවහල් කළ 8 දෙනෙකු පසුගිය දින කිහිපයේදී දිවයිනට පැමිණියා.

ඒ අතර ගායන ශිල්පි නදීමාල් පෙරේරා, මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම්, ඇන්ඩර්සන් ෆර්ඩිනැස්ඩස්, ලංකා සජිත පෙරේරා , කංජිපානී ඉම්රාන්, ලලිත් කුමාර , අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගා, අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!