Gossip

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර 2020 ජනාධිපති සටනට.. ? සංගා නිල වශෙයන් සිදුකළ ප්‍රකාශය මෙන්න

තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර සංගක්කාර පවසනවා.

ඊයේ (12) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරුණු කට කතා අසා තමාගේ අවධානය යොමු වූ බවත් තමා ඉදිරිපත් වන බව අසා විවිධ පුද්ගලයින් තමන්ගේ මතයන් ඉදිරිපත් කළ බවත් ඒ මතයන් සියල්ලට තමා ගරු කරන බවද ඔහු ප්‍රකාශ කරනවා.

නමුත් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳ බලාපොරොත්තුවක් කිසිම දිනෙක නොතිබූ බවත් තමා කිසිම දිනෙක දේශපාලනයට නොපැමිණෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

ජනතා සේවය ඉතාමත් වැදගත් වගකීමක් බවත් විශ්වාසයෙන් සිදුකළ යුතු වගකීම් සහිත රාජකාරියක් බවද කුමාර සංගක්කාර පවසනවා.

ජනතා නියෝජිතයන්ට තමා ගරු කරන බවත් තමාට දේශපාලන බලාපොරොත්තු නොමැති බවද ඔහු ප්‍රකාශ කරනවා.

දේශපාලනයට හොඳම සහ ගැලපෙනම පුද්ගලයින් තෝරා ගැනීම දුරදිග බලා සිදුකළ යුතු කටයුත්තක් බවත් ධනාත්මක සමාජ සහ ආර්ථික වෙනසක් එක රැයකින් සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කරයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු තමාගේ පළමු අරමුණ වූයේ තමාගේ පවුල සඳහා අවධානය යොමු කිරීම බවද ඔහු ප්‍රකාශ කරයි.

ඉදිරියට පරිත්‍යාගශීලීන් සමඟ එකතු වී සමාජ සේවා කටයුතු ඉදිරියට ගෙනයාම තම බලාපොරොත්තුව බවත් දේශපාලඥයන්ගේ යහපත් වැඩ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!