Gossip

අකිලගේ සුපිරි පන්දු යැවීමෙන් දකුණු අප්‍රිකාව අසරණ කරමින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයේ විශේෂ අවස්ථා මෙන්න – වීඩියෝ

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැත්වුණු අවසන් එක්දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ ලකුණු 178 කින්.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුලදී කඩුලු අටක් දැවී ලකුණු 299 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකාවට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 121 ක් පමණයි.
සුපිරි පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගත්තා.
ලහිරු කුමාර කඩුළු 2 යි.
තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ අකිල ධනංජය.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 ට 2 ක් ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.

තරගයේ විශේෂ අවස්ථා පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!