තරු හුට පට

සුදු නංගී ඒ ගැන කතා නෑලු?

අලුත් පරම්පරාවේ ජනප්‍රිය නිළියක් තමයි ‍අයෝමි ශානිකා කියන්නේ. අයෝමි හැම වෙලේම කිව්වේ මං තාම ආදරයක් හොයනවා කියලයි. ඔය අතරේ තමයි පහුගිය දවස්වල එයා ගැන එක එක කතා ආරංචි වු‍ණේ. ඒ අතර එක කතාවක් තමයි මාධ්‍යට වගේම දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ එච්.කේ.තුසිත කියලා කෙනෙක්ගෙන් අයෝමි දික්කසාද වුණා කියන ආරංචිය. ඉතින් අපිට හිතුණා අයෝමිට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට දැනගන්නත් එක්ක ඒ ගැන ඇත්ත නැත්ත ‍මොකක්ද කියලා හොයලා කියන්න ඕන කියලා.

අපිට ආරංචි වුණ විදිහටනම් 2009 ජූලි මාස 2 වෙනිදාලු මේ ජෝඩුව කසාද බැඳලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ දෙන්නාගේ කසාදේ අවුරුදු 1 1/2 ක් විතර තිබුණා කියලයි දැනගන්න ලැබුණේනම්. කොහොම වුණත් ඉතින් අයෝමි තුසිතව විවාහ කරගෙන තියෙන්නේ මුදල්වලට කියලයි අයෝමිගේ සැමියාගේ පාර්ශවයෙන් කියන්නේ. මේ දික්කසාදෙට වන්දියක් විදිහට අයෝමි ලක්ෂ 50 ක ඉල්ලලා තිබුණාලු. හැබැයි ඉතින් අධිකරණයේ තීන්දුව වෙලා තියෙන්නේ ඒ විදිහට මුදලක් ගෙවන්න ඕන නෑ කියලයි. කොහොම හරි දෙන්නගේ දික්කසාදය ඊයේ (04) හම්බවෙලා තියෙනවා කියලයි අයෝමිගේ සැමියා කියන කෙනාගේ පාර්ශවයෙන් දැනගන්න ලැබුණේ.

ඒ හින්දම අපි අයෝමිටත් කතා කරා. ඒ ගැන කතා කරන්නනම් අයෝමි වැඩි කැමැත්තක් පෙන්නුවේ නෑ.

එයා කිව්වේ මෙහෙම දෙයක් “ඔය තුට්ටු දෙකේ වෙබ් සයිට් කියන කතාවලට මම උත්තර දෙන්න කැමති නෑ. ඒ අය හොයලා වෙන්න ඇතිනේ දාන්න ඇත්තේ. ඒ නිසා එයාලාගෙන්ම අහගන්න. ඔය නිව්ස් එක දැම්මේ මගෙන් ඔය ගැන කිසිම දෙයක් අහන්නේ නැතුව. එක එක්කෙනාගේ ඕනකම්වලට නිව්ස් දානවා. ඔය වගේ තුට්ටු දෙකේ වෙබ් සයිට් මම බලන්නෙත් නෑ. ඒ නිසා තරහ වෙන්න එපා ඔය කියන ප්‍රශ්නය ගැන කතා කරන්න මම කැමති නෑ”

2 Comments

2 Comments

  1. social bookmarking service

    April 19, 2013 at 7:53 am

    JRkxvN Very good blog post.Really looking forward to read more. Great.

  2. link building

    September 7, 2013 at 8:09 am

    A round of applause for your article.Much thanks again. Keep writing.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!