Gossip

සීයා ළිඳට දාපු මුනුබුරා සොයන්න වසර හතරකට පසු ළිඳ ඉසියි

සිය මුණුබුරාව ළිඳකට දමා ජීවිතක්ෂයට පත්කෙරූ සීයා කෙනෙක් ගැන ඊයේ දිනයේ මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

2013 වර්ෂයේදී අදාළ පුද්ගලයාගේ දියණිය අනියම් සබඳතාවයක් හේතුවෙන් ගැබ් ගෙන තිබූ අතර ඇය විසින් පිරිමි දරුවෙකු බිහි කර තිබෙනවා.

මේ සිද්ධියෙන් පස්සේ කලක් ගතවී එම දියණිය හා පියා අතර අඩ දබර සිදුව ඇති බවටයි පැවසෙන්නේ.

පසුව පියා විසින් දියණියගේ දරුවා බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව එම දියණිය පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවන තෙක් උසාවියේ විභාගවන නඩුවක් ඇති අතර එහිදී අදාළ තරුණියගේ පියා විසින් සාක්ෂි ලබාදෙමින් පවසා තිබුණේ දියණියගේ දරුවා ගෙවත්තේ ඇති ළිඳට දැමූ බවයි.

පසුව පසුදින ළිඳ සෝදිසි කර බැලීමේදී දරුවා ළිඳේ පාවෙමින් සිටි බවත් පසුව මළ සිරුර රැගෙන ගොස් මහවැලි ගඟට දැමූ බවත් මේ පුද්ගලයා හෙළි කර තිබෙනවා.

ඒ අනුව ළිඳ සෝදිසි කිරීමේ කටයුතු ඊයේ දිනයේ සිදු කර ඇති අතර මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!