Gossip

සිහින ගොඩක් හිතේ තියාගෙන නිවාඩුවට ගෙදර ආපු සහන් කොටදෙණියාවම හඬවා අවසන් ගමන් යයි – Photos

ජීවිතේ සමහර වෙලාවට අපිට මුහුණදෙන්න සිද්ධ වෙන්නේ හිතන්නෙවත් නැති කරදරවලට.
ඒ විදිහට සිද්ධවුණු කරදරයක් නිසා ජීවිත ගමනට සමුදෙන්න සිදිධවුණු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ කොටදෙණියාව, බඩල්ගම වැලිහිද පැත්තෙන්.
සහන් මධුසංඛ.
අවුරුදු 24 ක් වුණු සහන් පාසල් ගමන නිමාවුණාට පස්සේ යුද හමුදා සේවයට එක්වෙනවා.
පසුගිය නත්තල් දවසේ සහන් නිවාඩුවට ගෙදර ඇවිත් තිබුණේ බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන.
සහන් ගෙදර අයත් එක්ක පාටියකට ගිහින් එද්දි සිද්ධවුණු අනතුරක් නිසා ජිවිතේ දාලා යන්න සිද්ධ වෙලා.
තනියම බයික් එකේ ආපු සහන්ට වේගය පාලනය කරගන්න බැරිව ලයිට් කණුවක වැදිලා මේ අනතුර සිද්ධවුණා කියලයි දැනගන්න ලැබෙන්නේ.
හුණුමුල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු සහන්ගේ අවසන් කටයුතු අද සිදුකරන බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!