Gossip

සියල්ලන් හඬවමින් ප්‍රවීණ නිළි ගීතා අවසන් ගමන් යයි

දැඩි ලෙස රෝගාතුරව සිටි ප්‍රවීන බොලිවුඩ් නිළි ගීතා කපූර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඇය 67 හැවිරිදි වියේ පසුවූවා.

චිත්‍රපට 100කට රංගනයෙන් එක්වූ ඇය වඩාත් ජනප්‍රිය වූයේ Pakeezah චිත්‍රපටයට හරහායි.

කෙසේවෙතත් ඇය අවසන් කාලයේ ගතකළේ මුම්බායි වැඩිහිටි නිවසකයි.

ඇයට පුත්‍රයෙකු සහ දියණියක සිටින අතර පුත්‍රයා වේශ නිරූපන ශිල්පියෙකුවන අතර දියණිය ගුවන් සේවිකාවක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ගීතා අවසන් කාලයේ දැඩි ලෙස රෝගාතුරව සිට ඇතිමුත් දරු දෙදෙනා ඇය බැලීමට පැමිණ නැහැ. මේ නිසා ඇය දැඩිලෙස අසරණව සිට ඇති අතර චිත්‍රපට නිෂ්පාදකයෙකු වන අශෝක්‌ පණ්‌ඩිත් ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මියයාමට දින කිහිපයකට ඇයගේ බැංකු ගිණුමේ තිබූ මුදල් ද පුත්‍රයා විසින් ලබාගත් බව පවසා තිබෙනවා.

පසුව ඇයගේ දේහය රෝහලේ තැන්පත් කර ඇත්තේ දරුවන් දෙදෙනා අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන තෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේවෙතත් දරුවන් නොපැමිණීම හේතුවෙන් පසුව දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!