Gossip

කාලගුණයෙන් නැවතත් අනතුරු ඇඟවීමක්

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ සහ උතුරුමැද යන පළාත්වලින් මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටද තරමක තද සුළං ඇති විය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

විටෙක සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩිවීමටද ඉඩ තිබෙනවා.

දිවයින වටා වන මුහුදේද ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා සුළගේ වේගය වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.. ඒ, මන්නාරම සිට පුුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවලයි. එම තත්ත්වය ලබන 31 වනදා තෙක් පවතිනු ඇති බවටයි අනාවැකි පළ කෙරෙන්නේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලටත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලටත් අද දිනයේද වැසි වාර කිහිපයක් ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ පැවති වැසි ආපදා තත්ත්වය ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!