Gossip

සිදූ කතාවේ අංජනාගේ චරිතයෙන් රටම හදුනාගත් කාවින්ද්‍යාගේ පෙම්වතා කවුද..? – කාවින්ද්‍යා කියපු කතාව මෙන්න

නවක රංගන ශිල්පිනියන් අතර සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක ලෙස කාවින්ද්‍යා දුල්ෂානි හැඳින්විය හැකියි.
සිඳු, ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයෙන් ඔබේ නිවසට ගොඩ වදින ඇයගේ අලුත්ම තොරතුරුයි මේ.

කොහොමද කාවින්ද්‍යා…
හොඳින් ඉන්නවා.

මේ දවස්වල හරිම කාර්යබහුලයි වගේ ?
ඔව්. දෙරණ නාලිකාවේ සිඳු ටෙලිනාට්‍ය ඇතුළු නාට්‍ය කිහිපයකින්ම රසිකයන් අතරට එන නිසා තමයි මම කාර්යබහුලයි වගේ පේනවා ඇත්තේ. ඉදිරියටත් ටෙලි නාට්‍ය කිහිපයක් එන්න තියෙනවා.

කෙටිකලකින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක වීමට හැකිවූයේ පාසල් කාලයේ සිටම රඟ පා තිබෙන නිසාද?
මම පාසල් කාලයේදී කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වු කෙනෙක් නෙමෙයි. දොම්පෙ දේවි බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස සා.පෙළ දක්වා හදාරා ඉන් පසුව උසස් පෙළ හැදෑරීමට ගම්පහ සිද්ධාර්ථ විදුහලට ගියා. 2015 වසරෙදි කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මම නොදැන සිටියාට මට රංගන හැකියාව තිබිලා තියෙනවා. නැත් නම් මේ තරම් දුරක් කලාවේ නියැළෙන්න ලැබෙන්නෙ නෑ.

පවුලේ විස්තර ටිකක් කියමුද?
අම්මයි, තාත්තයි, නංගිලා තුන් දෙනයි. අම්මා නීති උපදේශිකාවක ලෙස කටයුතු කරනවා. තාත්තා ටෙලිකොම් සමාගමේ සේවය කරනවා.

රංගනයට ගෙදරින් ලැබෙන සහයෝගය…
නංගිලා ගොඩක් උදවු කරනවා. ඒ අතරින් ලොකු නංගී ගොඩක්ම සපෝට් කරනවා. අම්මයි, තාත්තයි තමයි ගොඩක් වැඩවලට යද්දි මගෙත් එක්ක තනියට යන්නේ. ඒ අය හැමවෙලේම කියන්නෙ තෝරාබේරාගෙන මට ගැළපෙන චරිත පමණක් භාර ගන්න කියලා. එහෙම නැතුව රඟපාන්න එපා කියල කියන්නෙ නැහැ.

කාවින්ද්‍යා රංගන ශිල්පිනියක වීම ගැන සතුටුයිද?
ඇත්තටම සතුටුයි. මගේ තුළ තිබුණු දක්ෂතාවකින් ප්‍රයෝජනයක් ගැනීමට හැකිවුණා. මේ වන විටත් මම තරමක් දුර ඇවිත් සිටිනවා. කවදා හෝ හොඳම රංගන ශිල්පිනිය වීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා. එය තමයි මගේ ඉලක්කය. ඒ සඳහා දැන් සිටම ප්‍රවීණයන්ගේ ගරු හරුකම් ලබමින් ඔවුන්ගෙන් ගොඩක් දේවල් මගේ ජීවිතේට ලබා ගන්නවා.

පෙම්වතාගෙන් ලැබෙන සහාය ගැනත් මතක් කරමු…
තවම පෙම්වතෙක් නැහැ. ගැළපෙන හොඳ කෙනෙක් ලැබුණොත් තෝරා ගන්නවා. තවම එහෙම කෙනෙක් ලැබුණේ නෑ.

අනාගත බලාපොරොත්තු…
රංගනයෙන් ඉස්සරහට යන්න වගේම ව්‍යාපාරික පැත්තට යොමු වීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය උපාධිය හදාරනවා.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!