Gossip

ලෝකයේ ලොකුම ධනවතා දික්කසාද වෙන්න තීරණය කරයි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් බිලියනපති ලැයිස්තුවේ ඉහලින්ම සිටින ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් බේසොස් තම බිරිඳ දික්කසාද කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සිය නිල ට්විටර් ගිණුම හරහා ඒකාබද්ධ නිවේදනයක් මෙම යුවළ විසින් නිකුත් කර තිබීමත් සමගයි.

“විසිපස් වසරක් පුරා පැවති යුග දිවිය අවසන් කිරීමට දෙදෙනාම තීරණය කළද දෙමව්පියන් හා ව්‍යාපාරික කොටස්කරුවන් වශයෙන් ඉදිරියේදී අප එක්ව කටයුතු කරනවා” යැයි එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසා තිබුණා.

මෙම යුවලට දරුවන් සිවුදෙනෙක් ද සිටිනවා.

1993 වර්ෂයේදී ජෙෆ් බේසොස් හට ඔහුගේ බිරිඳ වන මැකෙන්සි මුණගැසී ඇති අතර ඉන් මාස 03 කට පසුව විවාහ ගිවිස ගෙන තිබෙනවා.

1994 වසරේදී ජෙෆ් බේසොස් ඇමේසන් සමාගම ආරම්භ කර ඇති අතර එම සමාගමේ ආරම්භයේ පටන් සැලකිය යුතු කාර්ය භාරයක් සිය බිරිඳ වන මැකෙන්සි ඉටුකළ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මැකෙන්සි බේසොස් වෘත්තිමය වශයෙන් ලේඛිකාවක්. ඇය ඇමේසන් වෙබ් අඩවිය හරහා ජනප්‍රියවූ Kindle e-book විශේෂාංගය ආරම්භ කිරීමේ පුරෝගාමිත්වය දැරුවේද ඇයයි.

ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙෆ් බේසොස් ගේ වත්මන් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 112 ක් බව ෆෝබ්ස් වෙබ් අඩවියේ දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!