Gossip

පාසලේ සංවත්සරය වෙනුවෙන් තිබ්බ පිරිත් පිංකමේදී මතුවූ අපූරු සහෝදර බැඳීම

කොළඹ මහානාම විදුහලේ 65 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පසුගියදා පිරිත් පිංකමක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවේ දී සිදු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ මහානාම විදුහලේ ඉගෙන ගන්නා අයියා සහ මල්ලී කෙනෙකු අතරින් මල්ලී පැවිදි දිවියට ඇතුළුවී මෙම පිරිත් පිංකම සඳහා වැඩම කොට සිටීමයි.

එහිදී අයියා සමග කතාබහ කරමින් ඉතාමත් සැහැල්ලුවෙන් සිටින එම ‘පොඩි සාදු’ ගේ ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වල කතාබහට ලක්වී තිබෙනවා.

මේ එලෙස හුවමාරු වූ ඡායාරූප කිහිපයක් සහ ඒ වෙනුවෙන් තැබූ සටහනක්

අයියණ්ඩියේ මාත් වැඩියා
දෙවැනි අම්මගෙ ජන්ම දිනයට,
තාම මතකයි ඉස්සර මං
අම්මා තුරුලේ උන්නු හැටි…

එද වගේමයි අදත් අයියෙ
හැටපහක් වූවත් අපේ අම්මට,
තාමත් තරුණයි
පොඩි කාලේ වාගෙම….

එදා අයියා , මමයි මල්ලි
ඒත් අද මං පොඩි සාදූ ,
මහානාම අම්මාත් අපි වාගෙයි
තාම වෙනසක් නැති බැදීමක් අයියෙ ……

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!