Gossip

අජිත්ගේ “විශ්වාසම්” බලන්න ටිකට් නැතුව වවුනියාවේ කොල්ලෝ ටිකක් ගුටි කෙළියක

වවුනියාව,වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන “විශ්වාසම්” නමැති සිනමාපටයේ පළමු ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

සිනමාපටය නැරඹීමට විශාල තරුණයින් පිරිසක් පැමිණ සිටි අතර එහිදි ප්‍රවේශපත් ලබා ගැනීමේ ගැටළුවක් ගැටුමට මුල් වි ඇති බවටයි වාර්තා වන්නේ.

ගැටුම හේතුවෙන් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා සිටි බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.

දකුණු ඉන්දීය සිනමාපට නැරඹීම වෙනුවෙන් උතුරේ තරුණයින් දැඩි රුචිකත්වයක් දක්වන අතර,දකුණු ඉන්දියාවේ තරමටම සිනමා උන්මාදයක් උතුරේ තරුණයින් අතර පවතිනවා.

දකුණු ඉන්දීය සිනමා තරු වන විජේ, අජිත් කුමාර් හා රැජිනිකාන්ත් රඟන සිනමාපට පළමු ප්‍රදර්ශන නැරඹීම වෙනුවෙන් සිනමාශාලා අසළ දැඩි තදබදයක් පවතින බවත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!