Gossip

සිංහයන්ගේ අභිමානය කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ බේරාගත් හැටි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා..
අවසන් දිනය වූ අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව කඩුලු 3 දැවී ලකුණු 287ක් රැස් කරගෙන සිටියා.
කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 141ක් සහ ආන්ජලො මැතිවුස් ලකුණු 120ක් ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.
පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 282ට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 578ක් ලබා ගත්තා.
ලකුණු 296ක් පසුපසින් සිටිමින් දෙවෙනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයක් නියතව තිබුනු අයුරක් පෙන්නුම් කළා.
මුලු ලකුණු 13ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවන කඩුල්ලත් බිදවැටී තිබුණා.
පසුව කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතිවුස් සුපිරි පිතිකරණයක් සිදුකරමින් හතරවන දිනය සහ පස්වන දිනයේ කඩුලු දැවී යාමට ඉඩ නොදී කඩුල්ලේ රැඳී සිටියා..
පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 264ක් රැස් කළ ටොම් ලේතම් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!