Gossip

“මම ප්‍රෙග්නට් කාලේ ලොකු දුවත් අපිව බලන්න ඇවිත් ගියා – එයාගේ උපන්දිනයට ලංකාවට ආවේ” – අයිශාරා අතුකෝරල

අයිශාරා හදිසියේම ලංකාවට ආවේ?
හදිසියේම නෙවෙයි. අපි ලංකාවට එන්න සැලසුම් කරගෙන තිබුණේ. අපේ ලොකු දුවගේ උපන්දිනය වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ. ඒ වගේම තමයි පොඩි දුවගේ බෞතිස්ම කිරීමත් පසුගිය දවසක සිද්ධ වුණේ. ඒ වැඩ කටයුතු සැලසුම් කරගෙන තමයි ලංකාවට ආවේ.

ලොකු දුවත් ලන්ඩන්ද ඉපදුණේ?
ඔව්. එයත් ලන්ඩන්වල ඉපදුණේ. අපි ලංකාවට එන යන කොට එයාවත් එක්කන් ආවා.

ලොකු දුව නංගි දැක්කම සතුටු වෙන්න ඇති?
ඔව්. මම ප්‍රෙග්නට් කාලේ ලොකු දුවත් අපිව බලන්න ඇවිත් ගියා. ඒත් පොඩි දුව ලැබෙද්දී ලොකු දුවට අපි ගාව ඉන්න බැරි වුණා. ලොකු දුවත් මල්ලියෙක් හරි නංගියෙක් හරි ඉල්ල ඉල්ල හිටියේ. ඉතින් එයාට නංගිව දකිද්දී හරිම සතුටුයි. එයා හරිම ආදරයෙන් නංගිව පිළි ගත්තා.

මෙදා සැරේ හතර දෙනාම ලංකාවෙන් යනවද?
ඔව්. හතර දෙනාම යනවා. හතරදෙනාම එක තැන ඉන්න එක වැදගත්. නංගිටත් අක්කාව ඕන. අක්කාටත් නංගිව ඕන. එයාලා දෙන්නම එක තැන ඉන්නවා.

එතකොට ලොකු දුවගේ අධ්‍යාපන කටයුතු?
ලන්ඩන් සිලබස් එකට අනුව තමයි ලොකු දුව ඉගෙනීම් කටයුතු කරන්නේ. ලංකාවේ හිටියත් ලන්ඩන්වල හිටියත් එතකොට එයාට ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාපන කටයුතුවලට ගැටලුවක් නොවෙන්න ඒ දේවල් සැලසුම් කරලා තියෙන්නේ.

ලොකු දුව කලාවට ළැදිද?
එයා හරිම අහිංසක දරුවෙක්. ඒ වගේම හරිම ලැජ්ජාශීලියි. එයා චිත්‍රපට බලනවා. පොත්පත් කියවනවා, චිත්‍ර අඳිනවා. කලාවට ළැදියාවක් තියෙනවා. ඉගෙනීම් කටයුතු ඉවර වුණාට පස්සේ එයා කැමැති ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න අපි උදවු කරනවා.

ලංකාවට ආවම අයිශ් කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?
ඇත්තටම අපි වැඩ කිහිපයක් සැලසුම් කරගෙන ලංකාවට ආවේ. මෙදා සැරේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. නමුත් මම හොඳ කලා කටයුත්තක් ලැබුණොත් ලංකාවට ඇවිත් ඒ නිර්මාණය කරලා යන්න සූදානමින් ඉන්නේ. මම ප්‍රෙග්නට් කාලේ ෆොටෝ ෂූට් කරන්න ආරාධනා ලැබුණට මම ලංකාවේ හිටපු නැති නිසා ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා. හැබැයි ලංකාවට ආවට පස්සේ ෆැමිලි ෆොටෝ ෂූට් කිහිපයක් කළා.

අලුත් කලා කටයුතුවලට ආරාධනා ලැබුණාද?
කිහිපදෙනෙක් එක්ක වැඩ කිහිපයක් ගැන කතා කළා. තාම ඒ වැඩ ස්ථීර නැහැ. හොඳ වැඩක් නම් කරන්න බලනවා.

කවදාද ලංකාවෙන් යන්නේ?
ළඟදීම යනවා. ඉතාම කෙටි නිවාඩුවකට තමයි ලංකාවට ආවේ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!