Gossip

සැවොම පුදුම කරමින් දූවිලි කුණාටුවක් එයි – 74 ක් මියයයි – අගමැතිගේ ප්‍රකාශයක්

ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේස් ප්‍රාන්තවලට බලපෑ දූවිලි කුණාටුවකින් පුද්ගලයින් 74කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

මේ හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තාවල දැක්වෙයි.

දුහුවිලි කුණාටුවත් සමඟ උත්තර් ප්‍රදේස් සහ රාජස්ථාන් ප්‍රාන්තවලට දැඩි වර්ෂාපතනයක්ද ලැබී තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගස් කඩා වැටීම් සහ දේපළ හානි රැසක්ද සිදුව ඇති බව වාර්තා වෙයි.

කඩා වැටුණු නිවෙස්වලට යටවීමෙන් එම නිවෙස් තුළ නිදා සිටි පුද්ගලයින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා අනාවරණ කරයි.

කෙසේ නමුත් අයහපත් කාලගුණයෙන් නව දිල්ලි අගනුවරට බලපෑම් එල්ල වී නැහැ.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව පල කල ඉන්දීය අගමැතිවරයා විපතට පත්වූවන් සඳහා හැකි ඉක්මණින් සහන සලසන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් සඳහන් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!