Gossip

ජනප්‍රිය කලාකරුවා බිරිඳ ඝාතනය කර ලිඳට පනියි – කලාකරුවා බේරා ගන්න ගම්වැසියන් ළිදට බසී

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්.

මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. සැකකාර සැමියා ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් වන අතර ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිවී තිබෙනවා.

ඒ අනුව ඊයේ (02) දිනයේද මෙම අඹු සැමි යුවළ අතර ආරවුලක් ඇතිවී අනතුරුව සැමියා විසින් බිරිඳට කායවර්ධන උපකරණයක් ලෙස භාවිත කරන ඩම්බෙල් එකකින් පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ. බිරිඳට පහරදීමෙන් පසු මේ පුද්ගලයා තම නිවස ආසන්නයේ පිහිට ඇති ලිඳට පැන සිය දිවි නසාගන්නට උත්සහ කර ඇති අතර ගම්වාසීන් පැමිණ ඔහු බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වේයන්ගොඩ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූ කලාකරුවා ජනප්‍රිය සහ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ඡායාරූප චිත්‍රයට නගා තිබෙනවා.

බිරිඳ ඝාතනය කිරීම නිසා අත්ඩංගුවට ගත් කලාකරුවාගේ රටම හඳුනාගත් චිත්‍ර කිහිපයක් පහතින් දැක්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!