Gossip

කට්ටි පැන්න චිත්‍රපට රංගන ශිල්පියා අත්අඩංගුවට

අධිකරණ කිහිපයකම විභාග වන නඩු 5 ක් සම්බන්ධයෙන් වරෙන්තු මගහැර සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චිත්‍රපට රංගන ශිල්පියෙක් වන ඔහු අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වසර දෙකකට අධික කාලයක් මෙලෙස වරෙන්තු මගහැර සිට ඇති බව පොලිසිය පවසනවා.

තවද නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රුපියල් 63,000ක දඩ මුදලක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළා.

පොලිසිය විසින් විශේෂ උපායදූතිකාවක් යොදවා මෙලෙස සැකකරු අත්අඩංගුවට තිබෙනවා.

ප්‍රදේශ කිහිපයක සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව තඹුත්තේගම සහ මහව අධිකරණවල නඩු 5 ක් ඇති අතර නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා බැරල් 02ක් හා නීතිවිරෝධී මත්පැන් බෝතල් 42ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නළුවා මීට පෙර අවස්ථාවක පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.

එහිදී අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු පනස් දහසක ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ නඩු සඳහා ඉදිරිපත්වීමට ඔහු සතුව මුදල් නොමැතිවීම හේතුවෙන් ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිට ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!