බොලිවුඩ්

සැමියා නිසා ඊශා උපන් දිනය දා බඩගින්නේ

බොලිවුඩයේ සුරූපී නිළියක වන ඊශ්‍රා ඩියොල්ගේ 30 වන උපන් දිනය තිබුණේ ඊයේනේ. හැබැයි වැඩේ කියන්නේ උපන් දිනය දවසේ ඊ‍ශාට හොඳ පරිප්පුවක් තමයි කන්න වෙලා තියෙන්නේ. මොකද කිව්වොත් ඊශාගේ උපන් දිනේ දවසෙම තමයි කර්වා චෞත් දිනය යෙදිලා තිබුණෙත්. ඉතින් ඒ නිසා ඊශාට උපන් දිනේ දවසේ රෑ හඳ දකිනකන්ම බඩගින්නේ තමයි ඉන්න වෙලා තියෙන්නේ.

 

“මගේ උපන් දිනයයි, කර්වා චෞත් දිනයයි දෙකම තියෙන්නේ එක දවසේ. ඉතින් රෑ හඳ දකිනකන් මට කන්න වෙන්නේ නෑ. හඳ දැක්කට පස්සේ තමයි මට කේක් කන්න වෙන්නේත්”

කර්වා චෞත් කියන්නේ උතුරු ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විතරක් තියෙන චාරිත්‍රයක්නේ. ඒකේදී විවාහක ගැහැණු අය උදේ ඉර පායපු වෙලාවේ ඉඳන් රෑ හඳ පායනකන්ම බඩගින්නේ ඉන්නවා. හැබැයි ඒ නිකන් ආසාවටනම් නෙමෙයි. එහෙම බඩගින්නේ ඉඳලා ඒ අය ප්‍රාර්ථනා තම තමන්ගේ සැමියන්ට ආරක්ෂාව සහ දීර්ඝායුෂ ලැබෙන්න කියලායි.

ඉතින් කොහොම හරි කමක් නෑ මේක නිසා ඊශාට උපන් දිනය දවසේ බඩගින්නේ ඉන්න වුණා.

බොලිවුඩයේ හිටපු නිළි රැජිණක් වන හේමා මාලිනී සහ ධර්මේන්ද්‍රගේ දියණිය වන ඊශ්‍රා පහුගිය ජූනි මාසේ තමයි විවාහ වුණේ. ඊශාගේ සැමියා ව්‍යාපාරිකයෙක් වන භරත් ටක්තානි.

2011 දී ආපු “ටෙල් මී ඕ ඛුදා” චිත්‍රපටියෙන් පස්සේ ඊශා චිත්‍රපටිවලට දායක වුණෙත් නෑ. කොහොමින් කොහොම හරි අන්තිමට වුණේ ඊශාට උපන් දිනය දවසේ බඩගින්නේ ඉන්න වුණ එක විතරයි.

5 Comments

5 Comments

  1. Craig

    November 14, 2012 at 1:57 pm

    You’re on top of the game. Thanks for shraing.

    • Kwiek

      February 8, 2013 at 9:42 am

      Wow! Great tihknnig! JK

      • Jorgepaul

        March 27, 2013 at 5:25 am

        This artcile achieved exactly what I wanted it to achieve.

    • Deliverance

      March 27, 2013 at 11:12 am

      That hits the target dead cetenr! Great answer!

  2. Zoya

    March 27, 2013 at 8:21 am

    Your crianum must be protecting some very valuable brains.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!