බොලිවුඩ්

ඊශාට ක්‍රියාදාමයක් කරන්න ඕනලු….

සුරූපී බොලිවුඩ් නිළි ඊශා ගුප්තාට ක්‍රියාදාම චිත්‍රපටියක රඟපාන්න ආස හිතිලා. ‍චක්රාව්යා චිත්‍රපටියේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයට පණ පොවපු ඊශා ඒකේදී තමන් ගැන පැහැදිලි රූපයක් රසිකයින් තුළ මවන්න සමත් වුණා.

“මම රාගික දර්ශන නැති ක්‍රියාදාම චිත්‍රපටියක් කරන්න ගොඩාක් ආසයි. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුවත්. කාර්වලින් එළියට පනින දර්ශන, උස ගොඩනැගිලිවලින් පහලට පනින වගේ දර්ශන තියෙන මුළු චිත්‍රපටියේම ලේ වැගිරෙන දර්ශන තියෙන ක්‍රියාදාම චිත්‍රපටියක් කරන්න මම ගොඩාක් ආසයි. ඇත්තටම කිව්වොත් මම දන්නේ නෑ මං ඒ වගේ චිත්‍රපටියක් කරන්න ආස ඇයි කියලා. ඒත් මං හිතනවා ඒ වගේ දෙයක් මට හොඳට කරන්න පුළුවන් වෙයි කියලා”

“මම ඒ වගේ දේවල්වලට ආස කරන එකෙන් කියවෙන්නේ මම දරුණු කෙනෙක් කියන එක නෙමෙයි. ඒ වගේ දේවල්වලට ආස අය අනිත් අයටත් වඩා හොඳයි කියලයි මම හිතන්නේ. චක්රාව්යා චිත්‍රපටියේ බජ්පායී ලෙස රඟපාන මනෝජ් ඇත්තටම හම්බවුණොත් තේරෙයි ඒ වගේ සැහැල්ලුවෙන් හිනාවෙලා ජොලියේ ඉන්න කෙනෙක් වෙන කොහේවත්ම නෑ කියලා.

තාමත් අවුරුදු 26 ක් වෙන ඊශා කියන්නේ ‍එහෙමයි. ඊශා බොලිවුඩයට පා තිබ්බේ “ජන්නාත් 2” චිත්‍රපටියෙන්. ඊට පස්සේ ආපු “රාස් 3” චිත්‍රපටියේ වගේම “චක්රාව්යා” චිත්‍රපටියටත් ඊශා රංගනයෙන් දායක වුණා.

කොහොම වුණත් ඊශා කියලා කියන්නේ රඟපාන්න එන්න කලින් ක්ෂේත්‍රයේ සාර්ථකම නිරූපණ ශිල්පිනියක්. ඉතින් කොහොම හරි ඊශාගේ බලාපොරොත්තුව ඒ විදිහටම ඉටුවෙයි කියලා හිතනවා. හරියටම කියන්න දන්නේ නෑ. අපිත් බලාගෙන ඉමු… මොනවාම හරි වෙයිනේ.

2 Comments

2 Comments

  1. artsy pm bags

    April 22, 2013 at 7:40 pm

    You made some decent points there. I looked on the web for the problem and located most individuals will associate with together with your website.

  2. Ezra Fruge

    May 12, 2013 at 2:54 am

    What a fantastic idea, I cannot wait to receive my first letter!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!