Gossip

සැමියා ආදරෙන් සළකන්නේ නැහැ – ලියුමක් ලියා අවසන් ගමන් ගිය මධුෂිකා

නිවසේ මුළුතැන්ගෙය තුළ ලියුමක් ලියා තබා, පිළියන්දල, මඩපාත ප‍්‍රදේශයේ තරුණ විවාහක කාන්තාවක් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

පසුගියදා මෙලෙස සියදිවිනසාගෙන ඇත්තේ පිළියන්දල, මඩපාත, මාකන්දන පදිංචිව සිටි හේවාදුවගේ මධුෂිකා හංසනී නම් අවුරුදු 21ක තරුණියක්.

සැමියා ආදරෙන් සලකන්නේ නැති බවට අදාළ ලිපියේ ලියා තබා ඇය දිවිහානිකරගෙන තිබෙනවා.

දිවි නසාගත් තරුණ කාන්තාව හා සැමියා අතර කලක් තිස්සේ පවුල් ආරවුල් ද ඇතිවී ඇති බවට පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැමියාගෙන් ද ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!