Gossip

“මගේ මූණ හැම තැනම සීරුම් පැල්ලම් – ඒ ගති ගුණ නම් අඩුවෙන එකක් නැහැ. මොකද ඒවා උපතින්ම ආපු ඒවනෙ” – ලෝචනා ඉමාෂි

කොහොමද ජීවිතේ ….
වරදක් නෑ හොඳින් ඉන්නවා. මේ දවස්වල වෙනදා විදියටම වැඩකටයුතු කරගෙන බබාගෙ වැඩකටයුතුත් කරගෙන ඉන්නවා. දීර්ඝ නිර්මාණයකට නම් සම්බන්ධ වෙන්න බැරි වුණා.පුතා ලොකු වෙනකොට අපි හිතන්නෙ එයාගෙ වැඩ අඩුවෙනවා කියලනෙ. එහෙම නැහැ. දැන් තවත් වැඩ වැඩි වෙලා. ඒත් දීර්ඝ නිර්මාණයකට සහභාගි වෙන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා.

මොනවද අලුත් වැඩ…?
චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකට නම් මම කැමැතියි. මොකද ඒක වෙනස් නිර්මාණයක්. චිත්‍රපටයක් එන්න තියෙනවා සුනෙත් මාලිංගගෙ “තුන්වරක් තුන” කියලා. නිවේදන කටයුතු ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. මම නිසා නවත්තපු “සිල්ගත් කොක්කු” වේදිකා නාට්‍යයට ආයෙත් සම්බන්ධ වෙනවා.

ඉස්සර වගේ තවමත් ලෝචනාට ආරාධනා ජයද..?
පුදුමේ කියන්නේ මම නෙදර්ලන්ඩ් ඉඳන් ලංකාවට ඇවිත් ආපහු යනකොට මොකක් හරි නිර්මාණයකට සහභාගි වෙලා තමයි ලංකාවෙන් යන්නේ.

ලැබෙන ආරාධනා තෝරා බේරා ගන්නේ කොහොමද…?
එක වගේ චරිත ප්‍රතික්ෂේප කරනවා. මම කැමැතියි වෙනස් චරිත කරන්න. වෙනස් නිර්මාණවලට මම සහභාගි වෙනවා. එක වගේම චරිත ලැබුණ නිසා ඒවා මම ප්‍රතික්ෂේප කළා.

ඉස්සර ලෝචනා දාන දාන නාළිකාවේ පේන්න හිටියා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා නේද..?
ඔව්. මෙහෙමයි කාලයක් එහෙම කළා. නිදහසේ ඉන්න තිබුණ කාලේ මම ඒ දේවල් උපරිමයෙන් කළා. නමුත් දැන් වගකීම් වැඩියිනේ. මගේ චරිතය වෙනස් වෙලා. මම බිරියක් වගේම අම්මා කෙනෙක්. ඉතිං දැන් මම ඒ දේවල් ගැනත් හිතන්න වෙනවා.

ඒ වෙනස්වීම් ගැන දුකක් නැද්ද..?
ඒ කාලෙදි කරපු දේවල් එක්ක දැන් එහෙම බැහැනෙ කියලා දැනුණම දුකක් තියෙනවා. ඒත් දැන් කරන්න පුළුවන් දේවල් ගැන හිතලා සතුටු වෙනවා.

කොහොමද පුතා එක්ක ගෙවන ජීවිතේ…?
එයා අපිව හූරනවා. එයාට ඒක විහිළුවක්. එයා හීරුවම අපි හිනාවෙනවනේ. එයා හිතන් ඉන්නෙ ඒකට අපි ආසයි කියලා. මගේ මූණ හැම තැනම සීරුම් පැල්ලම්. එයාට වයස දැන් දෙකහමාරක්. එයාගේ හුරතල් වැඩ බල බලා තමයි ජීවත් වෙන්නේ.

වගකීම් සහගත මවක් විදියට ලෝචනා දරුවගෙ වැඩවලටත් හිරවෙලා ඇති…?
ඔව්. ඒ වගකීම් අපිට අතහරින්න බැහැ. මොකද අපේ අම්මලා තාත්තලා තවමත් අපේ ගැන වගේම අපේ දරුවො ගැනත් හොයනවා. ඉතින් ඒ වගකීම්වලින් කවදාවත් ගැලවෙන්න බැහැනේ.

නිර්මාණවලට දායක වෙනකොට දරුවා වෙනුවෙන් කාලය වෙන් කරගන්නෙ කොහොමද..?
බබා හම්බවුණ අලුත මට නවත්තපු නිර්මාණවලට යන්න සිද්ධ වුණා. එතකොට මම එයාව අම්මා හෝ සැමියා ළඟ තියලා ගියා. නමුත් දැන් වැඩකට යන්න තියෙනවා නම් ඊට කලින් දවස් ටිකේ මම එයාව එළියට එක්ක යනවා. පස්සේ එයාවත් අරගෙන වැඩවලට යනවා.

කලාකාරිනියක් විදියට නිර්මාණවලින් අෑත්වෙලා ඉන්න අමාරු ඇති..?
ඉස්සර තරම්ම නිර්මාණවලට සහභාගි වෙන්න නොහැකි වුණත් ඇත්තටම කලාකාරිනියක් විදියට ඒ දේවල්වලින් ඈත්වෙලා ඉන්න අමාරුයි. ඒ නිසා තමයි නිර්මාණවලට දායක වෙන්න කොහොම හරි උත්සාහ කරන්නේ.

ඉස්සර හිටිය දඟකාර කටකාර චරිතය දැන් වෙනස් වෙලාද..?
ඒ ගති ගුණ නම් අඩුවෙන එකක් නැහැ. මොකද ඒවා උපතින්ම ආපු ඒවනෙ. මම හිතන්නෙ මැරෙනකම්ම මම විනෝදයෙන් දිගටම ඉඳියි.

ලෝචනා කැමැතිද ගෘහණියක් විදියට ගෙදරට සීමා වෙන්න..?
අපෝ නැහැ. ඒත් ගෙදර වැඩ කරගෙන ඉන්නත් ආසයි. ඒ වුණාට ගෙදරට වෙලා ඉන්න නම් කැමැති නැහැ.

දිගටම ලංකාව නවාතැන්පළ කරගන්න කැමැති නැද්ද..?
මම නම් හුඟක් කැමැතියි. ඒත් බබාගේ අනාගතය සහ සැමියාගෙ කැමැත්ත ගැන හිතපුවාම නෙදර්ලන්ඩ් යන්නත් වෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!