Gossip

අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට – මෙරට ජනප්‍රිය ගායකයෙකුත් මධූෂ් එක්ක ඉඳලා

දකුණේ ප්‍රබලතම පාතාල නායකයකු වන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබායිහිදී හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට ආරංචියක් පැතිර යනවා.

මධූෂ් අත්අඩංගුවට ගන්නා විට ඔහුත් සමග මෙරට ජනප්‍රිය ගායකයෙක් සහ තවත් පාතාල සාමජිකයන් 03 දෙනෙක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මධුෂ් ඩුබායි රටේ ගත කළ කාලයේ එරටේ ද හෙරොයින් මන්ද්‍රව්‍ය හා කේරළ ගංජා විකිණීමේ ජාවාරමක් කරගෙන ගොස් ඇති බවටද බුද්ධි අංශ විසින් පසුගියදා තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.

පසුගිය වසරක්‌ වැනි කාල සීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මිනිස්‌ ඝාතන රැසක්‌ මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත ඔහුගේ කල්ලිය විසින් සිදුකළ අපරාධ ක්‍රියාවන් වුණා.

කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා ඇතුළු හත් දෙනකු ඝාතනය, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තබා බරපතළ තුවාල කිරීම, ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයකු වූ කොස්‌ මල්ලී ඝාතනය කර ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දැමීම මධුෂ්ගේ නියෝග මත සිදුවූ අපරාධ බව පසුගියදා විමර්ශනවලින් හෙළි වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!