Gossip

සැමියාගේ දෑත්වල තිබූ දේ දැක ඉවසීමේ සීමාව පැන්න බිරිඳක් යළි නිවැරදි කළ නොහැකි කරදරයක පැටලෙයි

සිය 31 හැවිරිදි බිරිඳ විසින් පොරොවකින් පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කුරුවිට කන්දලන්ද ප්‍රදේශයේ දී ඊයේ (08) රාත්‍රීයේ එම පහරදීම සිදුකර ඇති අතර බරපතළ තත්ත්වයෙන් ප්‍රථිකාර ලබමින් සිටියදී අද (09) අලුයම මෙම පුද්ගලයා මිය ගොස් තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි කැන්දලන්ද කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු විසින් බීමත්ව පැමිණ බිරිඳට නිරන්තරයෙන් පහරදීම් සිදුකර ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම බිරිඳ සහ දරුවන් දෙදෙනා අසල්වාසීන්ගේ නිවෙස්වල සැඟවී සිට තිබුණා.

ඊයේ රාත්‍රීයේද බීමත්ව තියුණු ආයුධයක් සහ ඇසිඩ් බෝතලයක් රැගෙන ආ සැමියා, බිරිඳ මරණ බවට තර්ජනය කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී පොරොවක් රැගෙන පිටුපසින් පැමිණි බිරිඳ, මෙම පහරදීම සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි අදාළ කාන්තාව පහරදීමට යොදා ගත් පොරොවද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!