Gossip

යාචක කාන්තාවක් ව අපයෝජනය කළ තරුණයාට අපුරු දඬුවමක්

යාචක කාන්තාවක් ව අපයෝජනය කළ බවට සැක කෙරෙන තරුණයෙක්ව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 08 වනදා එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අපයෝජනයට ලක්වූ කාන්තාව 60 හැවිරිදි වියේ පසුවන බවද පොලීසිය සඳහන් කළා.

එම යාචක කාන්තාව පසුගිය 07 වනදා රාත්‍රියේ කොළඹ – පුත්තලම මාර්ගයේ ගමන් කරමින් බත්තුළුඔය පාලම මතට පැමිණ තිබෙනවා.

ඒ අවස්ථාවේදී එම පාලම මතින් ගිය සැකකාර තරණයා, යාචක කාන්තාව දැක ඇයගේ අතින් අල්ලා බලහත්කාරයෙන් පාලම යටට ගොස් තිබෙනවා.

පසුව ඇගේ විරෝධය මැද ඇයව අමානුෂික ලෙස අපයෝජනය කර ඇති බව පොලීසිය පවසනවා.

අදාළ කාන්තාව කෑ ගසන හඬ ඇසී එම ස්ථානයට පැමිණි අසල්වාසීන් වහාම සිද්ධිය මුන්දලම පොලීසිය දන්වා සැකකරු අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

සැකකරු හා කාන්තාව වෛද්‍ය පාරීක්ෂණයක් සඳහා පුත්තලම රෝහලට යැවීමෙන් පසු සැකකරු පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය තිබුණා.

අදාළ සැකකරු රැකියාවක් නොකරන බවත්, ඔහු සිය මවගේ ආදායමෙන් ජීවිකාව සරිකර ගන්නා අයෙකු බවත් පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!