Gossip

මහ බැංකුව සතු රත්‍රං සංචිතවලට සිදුවූ දේ

ශ්‍රී ලංකා මහ බැංකුව එහි රත්‍රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව මෙසේයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ රත්‍රන්වල වටිනාකම ද අන්තර්ගත වෙනවා.

එම රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබුණා.

2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වාත් ඒ අනුව අඩු වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.588 සිට ඩොලර් බිලියන 3.137 ක් දක්වා පසුගිය දෙසැම්බර් මාසය තුළ දී වැඩි වී තිබෙනවා.

එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 1.014 සිට ඩොලර් බිලියන 2.770 ක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!