තරු හුට පට

සැප රියේ අනඟ රැඟුම් – පොලීසියේ 3ක් ඇනගනී

ඊයේ රාත්‍රී 9.40ට පමණ  කුරුඳුවත්ත, එන්.සී.සී ක්‍රීඩාංගණ‍ය සමීපයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණු බව කියන යුවළකගෙන් රුපියල් 2000ක අල්ලසක් ගත්  පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථය නවතා අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා නඟා නීති මගින් ‍කටයුතු නොකිරීමට මෙලෙස පොලිස් නිලධාරීන් කප්පමක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ අනූව යුවළගෙන් ඔවුන් රුපියල් 2000ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

එහිදී තමන් මුහුණ පෑ සිද්ධිය ගැන එකී යුවළගෙන් අයෙක් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට කළ දැනුම්දීමකට අනූව සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස කප්පමක් ලබාගෙන ඇත්තේ  කුරුඳුවත්ත පොලීසියට අනුයුක්තව සේවය කළ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල්වරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!