තරු හුට පට

හිරුණිකාට 05දා මංගල සීනු හැඬවෙයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජූලි 05 විවාහ ගිවිස ගැනීමට නියමිත බව අප වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වෙනවා. ඒ ගැන වැඩිදුරටත් හොයාබලද්දී අප වෙත වාර්තා වුණේ ඉතා චාම් අයුරින් එම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තියෙන බවයි. ඒ කියන්නේ දෙපාර්ශ‍වයේම 20 දෙනෙකුට පමණ මේ අවස්ථාවට ආරාධනා කර තියෙනවා කියලයි. යම් දේශපාලන ඥාතිත්වයක් හිමි රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරන මතුගම ප්‍රදේශයේ තරුණයෙකු ඇයගේ අත ගන්නා බව කියැවෙනවා.

මේ අතර මෙම විවාහය ලියාපදිංචිය අත්සන් තැබීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන බව කියැවෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ මෙරට ජනප්‍රිය දේශපාලනඥයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියක්. ඇය දේශපාලන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් බවට පත්වුණෙත් පියාගේ ඝාතනයත් සමගයි. මේවන විට හිරුණිකා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරියක්. ඇය සිය පියාගේ ඝාතනය වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට පවා ඉදිරිපත් වූ බව දේශපාලන ක්ෂේත්‍රයේ රහසක් නොවෙයි.
2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!