Gossip

සැකකාරියගේ දහං ගැටේට පොලීසිය රැවටෙයි

අධිකරණය මඟහරිමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඇය සිය නිවස තුළදී විෂ සහිත කොළ වර්ගයක් කෑම නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බව ගාල්ල පොලීසිය පැවසුවා.

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත්කොට තිබුණා.

ඇය කලේගාන නාගරුක්ඛාරාම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පැවසුවා.

ගාල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (11) පස්වරුවේ ඇයගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඇය දියනාමින් සිටි බව වාර්තා වුණා.

පසුව එම කාන්තාව ඇඳුම් මාරුකර ගැනීමට යන බව පවසා නිවසින් පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කාන්තාව යළි නිවසට පැමිණ ඇති බවට ලද තොරතුරක් අනුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් නැවතත් එම නිවසට ගොස් තිබුණා.

එම අවස්ථාවේ මෙම කාන්තාව විෂ සහිත කොළ වර්ගයක් කෑම නිසා අසනීප තත්ත්වයෙන් සිට ඇති බව පොලීසිය පැවසුවා.

නමුත් මෙම කාන්තාව බරපතළ රෝගී තත්ත්වයකින් පසු නොවන බවයි පොලීසිය කීවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!