Gossip

කොළඹ DS සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායම 50 සමරයි

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයින්ට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඉකුත්දා කොළඹදී සුහඳ හමුවක් පැවැත් වුණා.

ඒ, තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේදීයි.

එහිදී රටට කළ සේවය අගයමින් සහ ආදි ශිෂ්‍ය සංගමයට කළ සේවය වෙනුවෙන් එම කණ්ඩායමේ සාමාජිකයින් 34 දෙනෙකුට සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරුණා.

තලවතුගොඩ ග්‍රෑන් මොනාර්ච් හෝටලයේ හිමිකරු පණ්ඩුල ප්‍රියංක මහතා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ 90 කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර සුහඳ හමුවට එක්වූ සාමාජිකයන් වෙනුවෙන් ආහාර සහ එම ස්ථානය සූදානම් කර තිබුණේ ඔහු විසින්.

සුහඳ හමුවට සහභාගීවූ සාමාජිකයන් වෙනුනේ ටී ෂර්ට් සඳහා අනුග්‍රහය අශාන් සුදිරික්කු මහතා ලබාදුන්නා.
සම්මාන සඳහා අනුග්‍රහය දැක්වූයේ ලසන්ත විතාරණ සහ සංඛ රණතුංග යන මහත්වරුන්. 90 කණ්ඩායමේ සාමාජිකයින් වන සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මෙන්ම ජී. එල්. පියදාස, ඉදිකිරීම් සමාගමේ අධිපති ඉන්දික ලියනගේ සහ ස්පාකල් සෝලා ආයතනයේ අධිපති ලක්ෂි දිසානායක යන මහත්වරුන් ද සුහඳ හමුව සඳහා විශේෂ දායකත්වය ලබාදුන්නා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!