Gossip

සම්භාහන බෝඩ් ලෑල්ලට මුවාවී පවත්වාගෙන ගිය ගණිකා නිවාසය

ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (13) සවස් කාලයේදී මීගමුව පොලීසිය විසින් වටලා තිබේ.

එහිදී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ කළමනාකරණයට සහාය වෙමින් ගණිකා වෘත්තියේ යෙදීමට එහි රැඳි සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 23, 43, 44, හා 36 වයස්වල පසුවන පුත්තලම, කටාන සහ කටුනායක ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සැකකාරියන් අද (14) දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මීගමුව පොලීසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!