Gossip

එළව එළවා පොලිස් නිලධාරිනියන් ට උම්මා දෙන IP

මේ කතාව ගල්කිස්ස පොලිස් පරීක්ෂකවරයෙක් සම්බන්ධවයි.

වසර 150ක් පමණ පැරණි ගොඩනැගිල්ලක මොහු සේවය කරන පොලිස් ස්ථානය පිහිටා ඇත.

අවුරුදු 50ක් පමණ වයසැති මෙම පොලිස් නිලධාරියා වගකීමක් සහිත ඒකකයක ස්ථානාධිපති ධූරයක් දරයි.

නමුත් මොහු පොලීසිය තුළ ප්‍රසිද්ධියක් උසුලන්නේ ‘නාකි මනමාලයා’ ලෙසයි.

හීන්දෑරි සිරුරක් සහිත මෙම පොලිස් පරීක්ෂකවරයාට ඇත්තේ අමුතුම ආසාවක්.

ඒ පොලිස් කාන්තාවන් දුටු විට වේගයෙන් දිව ගොස් එම පොලිස් කාන්තාවන් සිප ගැනීමයි.

ආරංචි මාර්ග පවසන්නේ පොලීසියේ රූමත් තරුණ පොලිස් නිලධාරිනියන් ඇතුළු පොලිස් නිලධාරිනියන් සැලකිය යුතු පිරිසක්ම රාජකිරි සිදුකරන බවයි.

මේ නොමනා ක්‍රියාව අහළ පහළ වෙනත් නිලධාරින් දුටුවහොත් ඔහු පවසන්නේ “අනේ ඒ මගේ දරුවෝ වගේනේ” කියලා.

මේ මනමාල පොලිස් නිලධාරියා දකිනකොට දැන් පොලිස් කාන්තාවෝ හැංඟෙනවලු.

පොලිස් ආරංචි මාර්ග කියන්නේ විවාහ වෙන වයසේ දරුවෝ ඉන්න පොලිස් පරීක්ෂකවරයාගේ මේ පහත් ක්‍රියාව නිසා පොලිස් ස්ථානයේ සේවය කිරීමට පොලිස් නිලධාරිනියන් ස්ථාන මාරුවීම් ද ඉල්ලා ඇති බවයි.

මෙවැනි නොමනා ක්‍රියාවන්ට අනුබල දෙන පොලිස් නිලධාරිනියන්ද ඉන්නවලු.

එවැනි ක්‍රියාවන් සඳහා එකඟ නොවන නිලධාරිනියන්ට මේ පොලිස් පරීක්ෂකවරයා බනිනවාලු.

මේක පොලිස් කාන්තාවන් පොලීසිය තුළම අපයෝජනයට ලක්වීමක්.

– උපුටා ගැනීම අරුණ පුවත්පත –

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!