Gossip

දුප්පත්කමට මෙහෙකාර සේවයට ආ තරුණියව දූෂණය කළ බලවතා පොලීසියටත් බලපෑම් කරලා

විශ්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරියෙක්ගේ නිවසකදී තමන් දූෂණයට ලක් කළ බව කියමින් 20 හැවිරිදි තරුණියක් පානදුර දකුණ පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

අදාළ තරුණිය විසින් පසුගිය 13 වනදා එම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

ඉකුත් අගෝස්තු මාසයේ තන්තිරිමලේ සිට එම විශ්‍රාමික නිලධාරීයාගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ සිටියදී කාත් කවුරුත් නොමැති අවස්ථාවක කිහිපවිටකදීම තමන්ට ලිංගික අතවර කළ බව ඇය සිදු කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

තමන්ගේ පියා නොමැති බවත් සහෝදරියන් සහ මව ජීවත් කරවීම සඳහා මෙහෙකාර සේවයට පැමිණි බවත් ඇය සිය පැමිණිල්ලෙන් කියා සිටියා.

දූෂණ සිද්ධියෙන් පසු ඔක්තෝබර් මාසයේදී තමන්ට ක්ලාන්ත ගතියක් ඇතිවී රෝගීවීමෙන් අනතුරුව එම පුද්ගලයා ඇතුළු නිවැසියන් තමන් පානදුර මූලික රෝහල කරා ඇතුළත් කළ බවත් අනතුරුව තම මව පානදුරට ගෙන්වා තමන් තන්තිරිමලේ නිවස කරා පිටත් කර හැරිය බවත් ඇය කියා තිබෙනවා.

නිවසට ගිය පසු තමන්ට තද හිසේ කැක්කුමක් පැවති බැවින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලකට ගිය අවස්ථාවේදී තමන් පරීක්ෂා කර බැලු වෛද්‍යවරයා කළ ප්‍රශ්නකිරීම් හමුවේ තමාව සිදුවූ ලිංගික අතරවරය සම්බන්ධයෙන් නොසඟවා වෛද්‍යවරයාට පැවසූ බවත් ඇය කරන ලද ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වුණා.

එම තරුණිය විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා විසින් ද මේ වන විට පානදුර දකුණු පොලිසිය දැනුවක් කර තිබෙනවා.

තරුණියගේ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් 13 වනදා අදාළ විශ්‍රාමික නිලධාරීයාගේ නිවසට ගොස් මෙහෙකාර තරුණිය අතවරයට ලක්වූ බව කියන කාමරයද දැඩි පරික්ෂාවට ලක් කර සටහනක් දමා තිබුණා.

විමර්ශන නිලධාරීන්ගේ ද මූලික නිගමනය වී ඇත්තේ ද මෙහෙකාර තරුණිය දූෂණයට ලක්ව ඇති බවට යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාළ අතවර සිද්ධිය යටපත් කිරීම සඳහා සැකකරුට පක්ෂපාතීත්වය දක්වන පිරිස් පරීක්ෂණය සිදුකරන විවිධ පාර්ශවයන්ට බලපෑම් එල්ල කරමින් සිද්ධිය යටපත් කිරීමට මේ වන විට දැඩි උත්සාහයක යෙදෙන බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

පානදුර දකුණ පොලීසිය පරික්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!