Gossip

නීතිය අභිබවා ගිය මනුෂ්‍යත්වය…තරුණ දියණියකගේ දිවි බේරයි

සිය මව කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යාමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ 17 හැවිරිදි දියණියව තනිවම සති 2ක් නිවසේ නිරෝධායනයට ලක්කර ඇති පුවතක් කොළඹින් වාර්තා වුණා.

කොළඹ නාගරික මරණ පරීක්ෂිකා ඉරේෂා දේෂානි මිය පැවසුවේ මෙම තරුණියගේ පෙම්වතා මැදිහත්වීමෙන් මේ සම්බන්ධව දැනුම් දිමක් නොකළේ නම් ආහාර පාන නොමැතිව එම තරුණිය මිය යාමට පවා ඉඩ තිබු බවයි.

කොළඹ 13 ජම්පට්ටා විථියේ පදිංචි මොහොමඩ් සිත්ති රුබෙයියා නම් හැත්තෑ හැවිරිදි මවක් පසුගියදා කොවිඩ් ආසාදනයවී මියගොස් තිබුණා.

නිවස තුළදීම මිය ගිය ඇයගේ මරණ පරීක්ෂණය වෙරළබඩ පොලීසියේ මැදිහත්වීමෙන් සිදුකිරීමට පියවර ගෙන තිබුණා.

තරුණියගේ පියා ද විදෙස්ගතව සිටියදී මියගොස් ඇති අතර සිය මවගේ වියෝව සිදුවී තිබුණේ ඔවුන්ගේ නිවසේ කොටසක් කුලියට ගත් පිරිසක් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින අවස්ථාවකදී ය.

මෙම මව සහ දියණිය ජිවත්වී ඇත්තේ එම නිවසේ කාමර 2කයි.

මව මිය යාමෙන් පසුව නිවස අල්ලාගෙන සිටි පිරිස ජලය සහ විදුලිය විසන්දි කිරීම නිසා තරුණිය නිරෝධායනයේ දී දැඩි අසිරුතාවයකට පත්ව සිට ඇති බව හදිසි මරණ පරීක්ෂකවරිය ට අනාවරණය වෙලා.

මේ පිළිබඳව දියණියගේ පෙම්වතා කොළඹ නාගරික මරණ පරීක්ෂිකා ඉරේෂා දේෂානි වෙත දැනුම් දීමෙන් පසු ඇය බොරැල්ල පොලීසියද රැගෙන නිවසට ගිහින් තිබුණා.

තරුණියගේ පෙම්වතා පැමිණ හැඬු කඳුළින්මේ බව තමන්ට සිද්ධිය පැවසූ බව කොළඹ නාගරික මරණ පරීක්ෂිකා ඉරේෂා දේෂානි පැවසුවා.

එහිද ඇය කිව්වේ “මම පොලීසියත් රැගෙන නිවසට ගොස් තරුණිය ඇයගේ මිතුරියකගේ නිවසක රඳවා නිරෝධායනයට ලක් කළා,” යනුවෙන්.

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රාජකාරි කටයුතු බලතලවලට අනුව කටයුතු කර තිබුණා. නමුත් 17 හැවිරිදි මෙම දියණිය මුහුණු දුන් ශාරීරික හා මානසික පීඩාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබුණා. යුක්තිය සහ නීතිය ගසට පොත්තක් සේ ඇළුණු දෙයක් වුණත් නීතිය ඇත්තේ යුක්තිය ඉටුකිරීමටයි,” කොළඹ නාගරික මරණ පරීක්ෂිකාව පැවසුවා.

වැඩිදුරටත් ඇය පැවසුවේ, “තනතුරු හා බලය දරණ නිලධාරින් මානව දායාවෙන්, කරුණාවෙන් යුක්ත නොවන තාක්කල් නීතියේ අරමුණු ඉටු නොවන බවයි. එයින් පීඩාවට පත් වනුයේ මෙවැනි අහිංසක ජීවිත,” බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!