Gossip

දරුවන් පස් දෙනා කැළයේ අතරමං කර අනියම් සැමියා සමග පැනගිය මව රිමාන්ඩ්

තම කුසින් වැදු දරුවන් පස් දෙනෙක්ව අනතුරේ දමා සිය අනියම් සැමියා සමග පැනගිය මවක් පිළිබඳව පසුගියදා කුරුණෑගල, වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලීසිය පැවසුවේ අදාළ කාන්තාව දරුවන් පස් දෙනාව ලඳු කැලෑවක් සහිත පොල් වත්තක දමා අනියම් පුරුෂයා සමග ගොස් තිබූ බවයි.

එම දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ව ලබන15 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වාරියපොළ වැඩබලන මහෙස්ත්‍රාත් සුනිල් අබේවර්ධන මහතා නියෝග කළා.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පොල්වත්තක මුර ගෙයක සිටි පස්දරු මවක වූ එච්. එම්. ඊ. දමයන්ති (30) සහ එස්.පී.නිලන්ත සංජීව කුමාර (36) යන දෙදෙනාය.

සැකකාරිය වයස අවුරුදු 2 සිට 12 දක්වා වයසැති දරුවන් පස් දෙදෙනෙකුගේ මවක බවත් සැකකාරිය නීත්‍යානුකූල පුරුෂයා හා දරුවන් පස්දෙනා සමග අඹකඩවර ප්‍රදේශයේ පොල්වත්තක මුරගෙයි පදිංචිව සිටියා.

එසේ සිටියදි සැකකාරිය දෙවන සැකකරු සමග පළාගොස් ඇති බව පරික්ෂණවලින් හෙළිවී ඇතැයි අධිකරණයේදී කියැවුණා.

දරුවන් පස් දෙනා කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාව මත සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත්කළ බව පොලිසිය අධිකරණයට දන්වා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!